SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

Sports කාර් වලට ආස කරන හැමෝම වෙනුවෙන් 2017 Nissan GT-R


තාරුණ්‍යට ගැලපෙන හැඩකාර විසේකාර අධි බලැති අධිබලැති 2017 Nissan GT-R ගැනයි අද අපි විස්තර අරගෙන එන්නේ. twin turbo අශ්ව බල 600 ක දැවැන්ත එන්ජිමක් පාලනය කරන්න වේග හයක ඔටෝ ගියර් පද්ධතිය සමග four by four එකතුවුන සුපිරිම ස්පොර්ට් කාර් එක 2017 Nissan GT-R ගැන දැනගන්න දැන ගන්න අපි හැමෝම ආසයි නේ...

මුළු ලෝකයටම වාහන සපයන ප්‍රධානපෙලේ වාහන නිෂ්පාදන සමාගමක් වන Nissan සමාගම 1928 ජපානයේ යොකොමා ( Yokohama)/නිශි කූ (Nishi-ku)හි ආරම්භ වූ සමාගමකි . ලොව පුරා ජනප්‍රිය වූ මෝටර් රථ මාදිලි සිය ගණනක සාඩම්බර හිමිකරුවකු වන නිසාන් සමාගමේ වඩාත්ම ජනප්‍රිය හා පාරිභෝගික හදවත් සොරා ගත්මෝටර් රථ මොඩලයක් ලෙස Nissan GT-R රථය හදුන්වන්න පුලුවනි.


අධිබලැති ස්පොර්ට් කාර් එකක් වන මෙය වැඩියෙන්ම ජනප්‍රිය ස්පොර්ට් කාර් වලට ආස කරන විසේකාර කෙල්ලො,කොල්ලො අතර කීවොත් එකේ වැරැද්දක් නැති තරම්.... ඇත්තට කීවොත් මේකනම් හරියන්නෙ කොල්ලොන්ට, කෙල්ලොන්ටම තමයි ඉතිම්......

2017 Nissan GT-R...

දැන් කොච්චර ජනප්‍රිය උනත් Nissan GT-R කාර් එකට තියෙන්නෙනම් ලස්සන aඅතීතයක් නම් නෙවෙයි.
2009 වසරට පෙර නිශ්පාදනය කරන ලද Nissan GT-R Generations(පරම්පරා) 06 ම වැඩිය ජනප්‍රියත්වය පත් නවුනේ නෑ... 2009 වසරේ නිශ්පාදනය වූ Nissan GT-R 7th Generations (හත්වන පරම්පරාව) එක්ක තමයි මෙයාගෙ හොදම කාලය/ ස්වර්නමය කාලය උදා උනේ.

2009 වසරට පෙර වසර 6ම බොහෝ දෙනාගේ විහිලුවක් බවට පත්වෙන්න මෙයාට සිද්ද උනා. මොකද ඒ එනකොටත් Ferrari, Lambo, Bucati වගේ අති ප්‍රබල මෝටර් රථ රේස් පිටිය එයාලගෙම කරගෙන හිටිය නිසා.
Nissan GT-R එම අදුරු කාලය තුල හැඩ වැඩ වෙලා ඉහත කියපු මෝටර් රථ මාදිලි වලට තරගයක් දෙන්න පුලුවම් තැනට පත් උනේ ලෝකප්‍රකට Godzilla චිත්‍රපටයේ අදුරු අතීතය ගැන අත්දැකීම් සිහි කරමින් බව Nissan සමාගමේ නිල පිටුවල පවා පලකෙරුනා.
මොකද කීවොත් 1954 දී ජපන් චිත්රපට අධ්යක්ෂිකා ගොජිරා විසින් නිශ්පාදනය කෙරුනු Godzilla චිත්‍රපටය අවුරුදු 40කට ආසන්න කාලයක් චිත්රපට 30 ක් තුළ විහිළුවක් බවට පත් වූ බව ප්‍රසිද්ද නොරහසක්. නමුත් Godzilla අවුරුදු ගානකට පස්සෙ ලෝකෙ බ්හිවුනු අති විශිශ්ට චිත්‍රපටයක් බවට පත් උනා.

හැඩය :-  ඉදිරිපස එන්ජිම සහිත දොර දෙක ෆෝවීල් රථයක් වන මෙහි හතර දෙනෙකු සඳහා ඉඩ පහසුකම් සලසා තියෙනවා.

එන්ජිම :-  ද්විත්ව ටර්බෝ, ඉන්ටර්කූලර්, වැල් 24 ,ඇලුමිනියම් හිස සහිත අධි බලැත බලැති එන්ජිමක් සහිතව 2017 Nissan GT-R සන්නද්ධ වෙලා තියෙනවා .අශ්ව බල 600 ක්, සී සී වලින් නම් තුන් දහස් හත්සිය අනූනවයක් (3799cc),ඒ වගේ ම වේග හයක auto සමග මැනුවල් ගියර් පද්ධතියකින් මේ දැවැන්තයාව පාලනය වෙනවා



වේගය :-   0 සිට පැයට කිලෝමීටර් 100(0-100kmph)ක වේගයක් ලබා ගැනීමට 2017 Nissan GT-R රථයට ගතවන්නේ තප්පර දත්පර 2.9 ක් විතරයි. 0 සිට පැයට කිලෝමීටර් 160 දක්වා වේගවත් වීමට තප්පර 4 ගත වෙනවා. ඒ වගේම තමයි මෙයාගෙ උපරිම වේගය පැයට කිලෝමීටර් 312ක්.
0-100kmph = 2.9 Second / 0-160kmph = 4Second / Top Speed = 312kmph.

ඉන්ධන :-  ලීටරයකට කිලෝමීටර් හයක් අටක් අතර තමයි මෙයාට ගමන් කරන්න පුළුවන් වෙන්නේ එන්ජිමේවිශාලත්වයත් එක්ක ගත්තම ඒක පුදුම කුත් නෑ

මිළ ගනන් :- අද අපි කථා කරන 2017 Nissan GT-R රථයේ නිශ්පාදන සමාගමේ යෝජිත මිළ ඩොලර් $111,565 වෙනවා.කෑලි බෑලි එකතු වෙද්දි $115,000 උනොත් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ 178.25 (17,825,000) වෙනවා.

එහෙනම් යාලුවනේ ලිපිය හොදයිනම් Like, Comment, Shere කරන්නත් අමතක කරන්න එපා…….

කලින් ලිපි මෙතැනින් බලන්න.. 

Videos බලන්න SLCARS අපේ YouTube චැනල් එකට subscribe කරන්න….  

ඒ වගේම මේ Nissan GT-R සුපිරි මෝටර් රථය ගැන තවත් ගොඩාක් විස්තර මෙන්න මේ අපි හදපු වීඩියෝ එකේ තියෙනවා. අනිවා ඒකත් බලන්න හොදේ....


No comments:

Post a Comment