SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

අනාගතය අදට ගෙනෙන "Tesla Model_S" ඉලෙක්ට්‍රික් රථය


Tesla කියන නම අපි හැමෝටම මෑතකදී අහන්න ලැබුනු හුගක්ම හුරුපුරුදු නමක්. මොකද මොටර් රථ ක්ෂේත්‍රයේ වගේම පිරිසිදු බලශක්ති උත්පාදනය සහ ගබඩා කිරීමේ නිෂ්පාදනය යන ක්ෂේත්‍ර කිහිපයේම දැවැන්ත පෙරලිකාර වෙනස්කම් කරන අපූරු සමාගමක් තමයි මේ Tesla කියන්නෙ.

ලෝකයට අනාගතයේ මුහුනදීමට සිදුවන දැවැන්ත ගැටලුවක් වන ඉන්ධන හිගයට විකල්ප නිර්මාණය කිරීම සඳහා එක්වු ඉoජිනේරුවන් පිරිසක් විසින් 2003 වසරේදී මුලින්ම Tesla සමාගම ආරම්භ කළා. ඔවුන්ගේ පලමු අභිප්‍රාය උනේ 100%ම ඉන්ධන භාවිතයෙන් තොර වඩාත් සැප පහසු, වඩාත් වේගවත් හා වඩාත් වින්දනීය වූ විද්‍යුත් මෝටර් රථයක අත්දැකීම මිනිසුන්ට ලාබාදීමයි.

එහි පලමු ප්‍රතිඵලය ලෙස Tesla සමාගම 2008 වසරේදී අති විශිෂ්ඨ බැටරි තාක්ෂණයක් වන Cutting-Edge බැටරි තාක්ෂණය ලොවට හදුන්වා දෙනවා. එතැන් සිට තමයි අද අපි කථා කරන Tesla Model S නිර්මාණය වෙන්න පටන්ගන්නෙ.

2015 දී ප්‍රථම වරට එළිදැක්වූ Tesla Model S රථය 21වන ශතවර්ෂයේ ලොව බිහිවු විශිෂ්ඨතම නිර්මාණය උනා. මෙය ආරක්ෂාව,සැපපහසුව,කාර්යය සාදනය, කාර්යක්ෂමතාව යන අංග සියල්ල 100% ම සපිරුනු සැම අතින්ම විශිෂ්ඨතම මෝටර් රථයක්.


Tesla Model S....

Adaptive lighting......
රාත්‍රි කාලයේදී වංගු සහිත මාර්ගවල ගමන් ගන්නා විට ප්‍රධාන ආලෝකය වැටෙන දිශාව මාර්ගයට අනුකූලව වෙනස් වේ.

Bio-weapon......
Model S තුල HEPA Airfiltaration system (විශේෂ වයුසමීකරන පද්ධතියක්) ස්ථාපිත වෙලා තියෙනවා. එමගින් පිටත වාතයේ ඇති ආසාත්මිකතා 99.97%ම ඉවත් කරනවා.

Touch Screen....
Tesla Model S රථයේ ඉදිරිපස අගල් 17 විශාල ටච් ස්ක්‍රීන් එකක් දකින්න පුලුවම්. ඇත්තටම කීවොත් කාර් එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ ඒකෙන්. ජනේල වීදුරු උස් පහත් කිරීම ,වහලය OPEN කිරීම, AC වෙන්කිරීම, සහ ස්ටියරින් වීල් එක පාලනය කිරීමේ හැකියවත් මේකට තියෙනවා. 

Auto pilot......
Tesla Model S සතුව පවතින රියදුරන් රහිත ධාවන හැකියාව මාරයි.... (හරියට "නයිට් රයිඩර්" කාර් එක වගේ) ඒක  වඩාත් ආරක්ශාකාරී වගේම දිගු ගමන් වලදී මානසික සැහැල්ලුවත් ලබාදෙනවා.

Security.......
100%ම ආරක්ෂාව මුල්කරගෙන නිපදවු මෝටර් රථයක් තමයි Tesla Model S කියන්නෙ. ඕනෑම අනතුරකදී කිසිඳු ජීවිත හානියක් නොවෙන විදිහටයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හදිසි අනතුරකදි උනත් පද්ධතියෙ ගමන්කරන 240v විදුලිය ක්ෂණිකවම off වෙනවා.


ධාවන හැකියව..........

ප්‍රධාන විදුලි මෝටර් දෙකකින් Tesla Model S රථයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. ඉහල කාර්යක්ෂමතාවයකින් යුතු මෝටරයකින් ඉදිරි රෝදවලට බලය සපයන අතර ඉහල කාර්යය සාදනයකින් යුත් ප්‍රධාන මෝටරය මගින් පසුපස රෝදවලට බලය සැපයෙනවා. මේ දෙකෙන්ම අශ්ව බල 532 ක බලයක් නිපදවෙනවා. සමාන්‍ය 4 weel drive රථයක එකම එන්ජිමෙන් තමයි රෝද 4ටම බලය සැපයෙන්නේ.
ද්විත්ව මෝටර් භවිතා කරමින් ඉදිරි හා පසුපස රෝදවලට බලය සැපයීමේ තාක්ෂණය දැනට පවතින්නේ Tesla සමාගම සතුව පමණයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තත්පර 2.5 ඇතුළත පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගන්න Tesla Model S රථයට හැකියාව පවතිනවා. ඒ කියන්නෙ ලෝකෙ වේගවත්ම මෝටරථ කිහිපය අතරට Tesla Model S කියන නම මේ වෙනකොටත් ගිහින් ඉවරයි. 

Electric car කියපු ගමන් හැමෝම අහන්නෙ කිලෝමීටර් කීයක් දුවනවද කියලානෙ. සුපර් චාර්ජර් point එකකින් පැය 1.15 ඇතුළත full චාජ් කරලා 70kmph වේගයකින් හයිවේ එකක කිලෝමීටර් 800 ධාවනය කරන්න මෙයාට පුළුවම්.

ලංකාවේනම් ගෙදරකින් චාජ් කරන්න පැය 8.30 යනවා. ත්‍රීපේස් ලයින් එකක්නම් පැය 5න් වැඩේ ගොඩ. එකපාරක් චාජ් කරලා සාමාන්‍ය පාරේ කිලෝමීටර් 400-536 අතර දුර ප්‍රමනයක් ධාවනය කරන්න පුලුවම්.

මිළ ගනන් :- අද අපි කථා කරන Tesla Model S රථයේ නිශ්පාදන සමාගමේ යෝජිත මිළ ඩොලර් $70,000 වෙනවා.කෑලි බෑලි එකතු වෙද්දි $75,000 උනොත් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ 116 (11,625,000) වෙනවා.  ලංකාවෙ මිල රුපියල් කෝටි දෙක හමාරක් (25,000,000) විතර වෙනවා කියලයි ආරන්චිය. 

යාලුවනේ ලිපිය හොදයිනම් තව කෙනෙකුට බලන්න  Shere කරන්නත් අමතක කරන්න එපා…….

කලින් ලිපි බලන්න click කරන්න...

No comments:

Post a Comment