SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

රුපියල් කෝටි 55 වටින ලොව වේගවත්ම මෝටර් රථය Bugatti Chiron



ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ අද අපි ඔයා ලඟට අරගෙන එන්නෙ ලෝකෙ තියෙන වේගවත්ම කාර් එක ලෙස සැලකෙන, ලොකු පොඩි හැමෝම දන්න Bugatti සමාගමේ නිපදවන 2017 Bugatti Chiron රථය ගැන.

Bugatti කියන්නෙ ප්‍රංශය , ජර්මනිය හා ඉතාලිය යන රටවල් තුනම නෑදෑකම් කියන අපූරු සමාගමක්. ඉතාලියේ උපත ලද ප්‍රංශ ජාතිකයෙක් වන Ettore Arco Isidoro Bugatti විසින් 1909 වසරේ ජර්මනියේ දී තමයි Bugatti සමාගම ආරම්භ කරල තියෙන්නේ. Bugatti සමාගම විසින් නිපදවූ බොහොමයක් රථ එම කාලයේදී ගොඩක් ප්‍රසිද්ධ වුණා. කොහොම වුණත් දැනට Bugatti සමාගම අයිති ලෝකෙ ලොකුම මෝටර් රථ නිෂ්පාදන ජාලයට හිමිකම් කියන Volkswagen group සමාගම් ජාලයටයි.

Volkswagen group සමාගම විසින් Bugatti සමාගම මිලදී ගත් පසු 1999 වසරේ බිහිවූ සංකල්පයක් මත නිෂ්පාදනය කිරීම ඇරඹූ  Bugatti Chiron රථ මාදිලියේ පළමු රථය වන Bugatti 18/3 Chiron රථය 2005 වසරේදී එහි පළමු හිමිකරු වෙත ලබා දුන්නා.


Bugatti Chiron 2017....

කලින් කිව්වා වගේම ලෝකේ තියෙන වේගවත්ම මෝටර් රථය ලෙස හැඳින්වෙන Bugatti Chiron ලෝකෙ තියෙන වටිනාකමින් වැඩිම මෝටරථ කිහිපය අතරට එකතු වෙන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන තුනේ  සීමාව තුළ තියෙන මෝටර් රථ කිහිපයෙන් එකක් විදිහට. කතාවට කියන්නේ Bugatti Chiron රථයක් හිමි කෙනෙකුගේ අවම වත්කම් ප්‍රමාණයට සුපෝපබෝගී නැව් හයක් හා ජෙට් යානා හතරක් අයත් වෙනවා කියලයි. තවත් දෙයක්, Bugatti Chiron  රථයේ ඇතුලත නිර්මාණ සඳහා යොදා ගන්නා ලෙදර් ලබා ගැනීම වෙනුවෙන්ම අක්කර දහස් ගණනක යකඩ කම්බි හෝ කටු සහිත ශාක නොමැති ගවයන් ඇති කරන ගොවිපලක් Bugatti සමාගම සතු බවත් අහන්න ලැබෙනවා. නියමයි නේද ??

දොර දෙක පිටුපස මධ්‍යගත එන්ජිමක් සහිත 4 by 4 රථයක් වන Bugatti Chiron  දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි coop  මාදිලියේ රථයක්.



ලීටර් 8 ක  quad-turbocharged W16 engine, එන්ජිමකින් (මෙය W මාදිලියේ එන්ජිමකි ) බල ගැන්වෙන Bugatti Chiron රථය අශ්වබල එක්දහස් පන්සීයක් (1500 hp) නිපදවනවා. තවත් පැහැදිලි කරනවානම් කරනවා නම් මේක 7993 cc එන්ජිමක්. සාමාන්‍ය මෝටර් රථයක එන්ජිමේ වායු විමෝචන ප්‍රමාණය කිලෝ මීටරයකට ග්‍රෑම් 90 උනත් Bugatti Chiron රථයේ වායු විමෝචන ප්‍රමාණය කිලෝමීටරයකට ග්‍රෑම් 516. ඒය මනුෂ්‍යයකුට දින දෙකකට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයට සමාන බවයි දැන ගන්න ලැබෙන්නේ.



ගුවන් යානා බඳ නිපදවීම සඳහා යොදා ගන්නා කාබන් ෆයිබර් යොදාගෙන Buggati Chiron රථයේ බඳ නිපදවන අතර  වේග හතක ද්විත්ව ක්ලච් automatic / manual ගියර් පද්ධතියක් යොදා ගෙන තමයි මේ දැවැන්තව මෙල්ල කරන්නෙ.

අමතක වෙන්න කලින් තවත් කතාවක් තියෙනවා කියන්න. ඒ තමයි Bugatti සමාගම විසින් Bugatti Chiron 2017 රථය එළි දක්වා පළමු ඇනවුම එහි හිමිකරුට බාර දෙන්නත් කලින් තවත් රථ දෙසීයක් සඳහා ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පලවෙනි ඇනවුම හදල ඉවර වෙන්නත් කලින් කාර් දීසියක් විකිණිලා ඉවරයි. ඩොලර් මිලියන 30*200 කොහොමද ඒක...

0 සිට පැයට කිලෝමීටර් 100 දක්වා වේගවත් වීමට තප්පර 2.4
0 සිට පැයට කිලෝමීටර් 200 දක්වා වේගවත් වීමට තප්පර 6.1 
0 සිට පැයට කිලෝමීටර් 300 දක්වා වේගවත් වීමට තප්පර 13.1 
0 සිට පැයට කිලෝමීටර් 400 දක්වා වේගවත් වීමට තප්පර 32.6 


විශේෂ :-  0 සිට පැයට කිලෝමීටර් හාරසිය දක්වා වේගවත් වී නැවැත්වීම සඳහා Bugatti Chiron රථයට ගත වෙලා තියෙන්නේ තප්පර 41.96 ක් විතරයි. ( 0 - 400 km/h - 0)



Buggati Chiron රථයේ වේගය ආරක්ෂක හේතූන් මත පැයට පැයට kmph 420 ට සීමා කර ඇති අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් කිලෝ මීටර් 463 කට වඩා වැඩියි කියලයි සමාගම කියන්නේ.

තදබදය සහිත මාර්ගයක ඉන්ධන පරිභෝජන මට්ටම ලීටරයකට කිලෝ මීටර් 3 වන අතර අධිවේගී මාර්ගයක නම් එය ලීටරයකට කිලෝමීටර් 3 /5 අතර වනවා.

කලින් කිව්වා වගේම 2017 Bugatti Chiron රථයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන තුනක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් (546,000,000) 54 කෝට්ටේ කෝටි 60 ලක්ෂයක්. ($1 = rs.157) දැන් නම් තවත් ගණන් වැඩියි. 

මේකෙනම් ලංකාවේ මිල ගැන අහන්නවත් එපා. මොකද Bugatti Chiron එකක් මේ කපේට ලංකාවට කවුරුවත් ගෙනල්ලත් නෑ... ගේන්නෙත් නෑ...  ස්තුතියි !

හැමදාම වගේ අපි මේ සුපිරි මෝටර් රථය ගැනත් පට්ටම විඩියෝ එකක් හැදුවා. පහලින් ඒකත් අනිවා බලන්න....










මූලාශ්‍ර:-         www.caranddriver.com
                        www.wikipidia.com
                        www.bugatti.com  
                        
                                           

No comments:

Post a Comment