SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

Tax නැතිව කෝටි 30 වටින ලෝකෙ වේගවත්ම රථයට අභියෝග කරන Koenigsegg Regera


ඔන්න යාලුවනේ "SLcarinfo.com" අපි අද ඔයාලට අරගෙන එන්නෙ මේ ලෝකෙ බිහි වුණු තවත් අපූරුතම මෝටර් රථයක් ගැන . ලෝකේ තියෙන වේගවත්ම කාර් එක මොකක්ද කියලා ඇහුවොත් හැමෝම කියන්නේ Bugatti veyron කියලා .එහෙම නේ ද ? ඒත් ඔයාලා දන්නවද Bugatti veyron රථයේ ශක්තිය හා කාර්යය සාධනයට සමාන තවත් මෝටර් රථයක් තියෙන බව?  ඔව් Koenigsegg Regera තමයි ඒකෙ නම .

වාහන වලට ආස කරන ආදරය කරන හැමෝම අනිවාර්යයෙන්ම නරඹපු චිත්‍රපට මාලාවක් තමයි Fast & Furious කියන්නේ . ඇත්තටම ඒක ඒ තරම්ම ගොඩක් ලස්සනයි . වගේම තවත් ලස්සන චිත්‍රපටියක් තමයි Need For Speed චිත්‍රපටය . ලෝකෙ තියෙන වේගවත්ම හා වටිනාම මෝටරථ බලන්න ඕනි නම් ඔන්න බලන්න වටින ෆිල්ම් එකක්. ඉතින් මෙ Need For Speed චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ අපි කලින් ලිපියකින් කතා කරපු ford mustang shelby රථයක්. ඒ වගේම තමයි මේ චිත්‍රපටය අවසාන වෙන්නේ අද අපි කතා කරන Koenigsegg Regera රථයකින්. බලන්නකෝ මෙයාගේ විස්තර. ඒක නම් මාරයි.....

Koenigsegg Regera ....

වැඩිපුර අහල පුරුදු නැති නමක් තියෙන මේ අපූර්ව මෝටර් රථය බිහිවෙලා තියෙන්නේ මෝටර් රථ ක්ෂේත්‍රයට වඩා හුරු පුරුදු නැති සුන්දර රටක් වෙන ස්වීඩනයෙන්. ස්වීඩනයට මෝටර් රථ ක්ෂේත්‍රයට වඩා හුරු පුරුදු නැති උනත් Koenigsegg Regera කියන්නේ මෝටරථ ලෝකෙම රජෙක්. නිකම්ම නිකම් රජෙක් නෙවෙයි පට්ටම රජෙක්.

Koenigsegg Regera කියන්නේ සීමිතව නිෂ්පාදනය කරන plug in hybrid sport මෝටර් රථයක්. Koenigsegg Regera රථය පළමුවතාවට එළිදක්වන්නේ 2015 මාර්තු මාසයේදී. දොර දෙක, කූප් මාදිලියේ රථයක් වන මෙයින්, මේ වන විට රථ අසූවක් (80) පමණක් නිපදවා ඇති අතර ඒවා හැම එකක්ම දැනටමත් අලෙවි වෙලා අවසන් .ගාන කීයද දන්නවද ඇමරිකන් ඩොලර් ලක්ෂ දහනමයක් ($1,900,000) . ලංකාවේ මුදලින් විසි නව කෝටි හැට හතර ලක්ෂයක් .කොහොමද ඒක...



Koenigsegg Regera රථයේ නිපදවලා තියෙන්නේ වඩාත් ප්‍රායෝගික, අති සුඛෝපභෝගී රථයක් විදියට. සමාගම කියන විධියට නම් Koenigsegg Regera තමයි ලෝකෙ දැනට තියෙන බලසම්පන්න අතින් ඉහලම හා වේගවත්ම මෝටර් රථය. ඉදිරියේදී බලමු මේ කතාව ඇත්තද කියලා.

අභ්‍යන්තර දහන එන්ජිම :-

අභ්‍යන්තර දහන එන්ජිම රථයේ පිටුපස මැදට වෙන්න තමයි සවි කරල තියෙන්නෙ . ලීටර් 5.0 ද්විත්ව ටර්බෝ  v8 එන්ජිමක් වන මෙහි එක් සිලින්ඩරයකට වෑල්ව හතරකින් ඉන්ධන සැපයෙනවා . මෙමගින්  hp 1500ක් නිපදවෙනවා . 



ඉලෙක්ට්‍රොනික් මෝටර්  :-

Koenigsegg Regera රථය සඳහා දහන එන්ජිමට අමතරව එංගලන්තයේ නිෂ්පාදනය කෙරෙන Y A S A වර්ගයේ  electric motor තුනකින් බලය සැපයෙනවා. එයින් දෙකක් y A S A 750R මෝටර් වන අතර එකක්  Y A S A P400 මෝටරයක්. මෙම මෝටර් තුන 520 KW වන අතර එමගින් අශ්වබල 700 ක බලයක් නිපදවෙනවා.  ඒ කියන්නෙ Koenigsegg Regera රථයේ සම්පූර්න එන්ජින් ධාරිතාවය අශ්වබල 2200ක්. ඔයාලට මතකනම් අපි අලින් ලිපියකින් කථා කරපු "එදා මෙදා තුර ඉතිහාසයේ ඇමරිකාව තුල මෙතෙක් නිපදවු ප්‍රබලතම මෝටර් රථය Dodge Callenger SRT Demon" එක වගේ තුන්ගුනයකට ආසන්න බලයක්. හම්මො........ ඒක.

බැටරි :- Koenigsegg Regera තුළ ඇති බැටරි පැක් එකත් විශේෂයි. හේතුව තමයි දැනට මෝටර් රථයක් තුළ යොදා ගෙන ඇති වඩාත් බලසම්පන්නම  ඝන බැටරිය තමයි මෙයාට යොදාගෙන තියෙන්නේ.  4.5 Kw liquid cool ලිතියම් අයන් බැටරියක් වන මෙය තුළ 800V ක විදුලික ධාරිතාවයක් සැරිසරනවා .

ගියර් පද්ධතිය :-

සුවිශේෂී මොටර් රථයකට සුවිශේෂී අංග ඇතුළත් වෙන එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම Koenigsegg Regera තුළ තියෙන හැම දෙයක්ම සුවිශේෂී. බලන්නකෝ ගියර් පද්ධතිය ගැනත්. තනි වේගයෙන් යුතු ස්ථාවර ගියර් සම්ප්රේෂණ පද්ධතියක් තමයි  Koenigsegg Regera තුල  යොාගෙන තියෙන්නෙ .මෙම තාක්ෂණයට කියන්නේ direct drive කියලා . ඒ කියන්නේ එක ගිය එක තමයි මේ හැම සෙල්ලමක්ම දාන්නෙ 

රෝද :- ඉදිරිපස අඟල් 19 හා පිටුපස අගල් 20 carbon fiber ඇලෝවීල් Koenigsegg Regera සදහා යොදාගෙන තියෙනවා .



වේගය :-  ස්පොර්ට් කාර් එකක අපි දැනගන්න ආසම දේනෙ වේගය කියන්නේ. ඔන්න බලන්නකෝ එහෙනම්...

ලොව දෙවැනියට වඩාත්ම වේගවත් මෝටර් රථය විදිහට හදුන්වන්න පුලුවම් මේ හැඩකාර Koenigsegg Regera රථයට 0 සිට පැයට කිලෝමීටර් 100 දක්වා වේගවත් වීමට ගතවෙන්නෙ තත්පර 2.7 විතරමයි.  0 සිට 300 දක්වා වේගවත් වීමට තත්පර 10.9 කුත් 0 සිට 400 දක්වා වේගවත් වීමට තත්පර 20 කුත් තමයි මෙයාට අවශ්‍ය වෙන්නෙ. ඒ වගේම තමයි Koenigsegg Regera රථයේ දැනට වාර්තාවෙලා තියෙන උපරිම වේගය පැයට කිලෝමීටර් 410 ක්. හපොයි, කොහොම වේගයක්ද කියලා හිතාගන්නවත් බැරි තරම්.

0 - 100kmph = 2.7Sec
0 - 300kmph = 10.9Sec
0 - 400kmph = 20Sec
Top Speed 410kmph*

සාමාන්‍යයෙන් 150-200 අතර වේගයක් ලබා ගන්න මෙයාට යන්නේ තත්පර 4 කටත් අඩු කාලයක්.

මෙන්න මේ පහළ තියෙන වීඩියෝ එකේ මේ වැඩකාරයගෙ තවත් වැඩකෑලි ගොඩක් තියෙනවා. 



මිල ගණන් :- Koenigsegg Regera මිල ගණන් ගැන කලින්ම කිව්වනේ. කීව වගේම මේකෙ MSRP එක (Manufacturer’s Suggested Retail Price) එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 1.9  ($1,900,000)ක් වෙනවා . ඒ කියන්නේ ලංකාවේ මුදලින් (296,400,000) විසිනම කෝටි හැට හතර ලක්ෂයක්. කවුරුහරි කෙනෙක් Permit නැතුව මේකක් ලංකාවට අරගෙන එනවා නම් මම හිතන විදිහට අඩුම රුපියල් කෝටි සියයකට වඩා යයි......

ඉතින් මේ වගේ  තවත්  සුපිරි මෝටර් රථ ගැන විස්තර දැනගන්න ආසනම් අපේ SLcarinfo.com ෆේස්බුක් පේජ් එකට  Like කරන්නත් අමතක කරන්න එපා.....

Koenigsegg Regera Photos මෙතැනින් බලන්න....


No comments:

Post a Comment