SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

අලුතෙන්ම එන ජනපති අගමැති නිල රථය Mercedes-Maybach S600


ඔන්න යාලුවනේ අදනම් මම ඔයාලට අමුතුම experience එකක් දෙන්නයි හදන්නෙ. Benz ගැන ඉතින් හැමෝම දන්නවනෙ.... කලින් Mercedes-Benz_G-Wagon ලිපියෙදීත් විස්තර කලානෙ ඒ ගැන. අද අපි ඔයාලගෙ ලගට අරගෙන එන්නෙ ලගදිම ලංකාවට එන්න ලෑස්ති වෙන Mercedes-Maybach S600 ගැන. මේවනම් ලංකාවට ගෙන්නන්නෙ ශ්‍රී ලංකා රජය විසින්. ජනපති අගමැති නිල රථ විදිහට.

Mercedes-Maybach S600 .....

දැනට ලෝකෙ තියන සැපපහසුව අතින් ඉහලම මෝටර් රථය විදිහට තමයි මේ Mercedes-Maybach S600 හදුන්වන්නෙ. S මාදිලිය තමයි Mercedes සමාගමේ හොදම මෝටර් රථ කාන්ඩය. ගාන වැඩිම කාන්ඩය කීවත් වැරදි නෑ...
  Mercedes සමාගම Maybach නමින් මේ මෝටර් රථය නම් කරන්නෙ මේක VVIP පාරිභෝගිකයන් වෙනුවෙන් සීමා සහිත (Limited)විදියට හදන නිසා. හරියටම කීවොත් සැප කියන එක උපරීමය තියෙන වාහනයක්. ඒ විතරක්ම නෙවෙයි... ආරක්ෂාව, තාක්ෂණය හැසිරවීමේ පහසුව වගේ දේවලුත් උපරිමේටම තියන වාහනයක්.



  Mercedes-Maybach S600 තුල තියන ලස්සන, විචිත්‍රවත් බව කොච්චරද කියලා වචන වලින් කියන්න බැරි තරම්. ඒ තරම් ලස්සනයි. විශේෂයෙන්ම සකස් කරන ලද ලෙදර් වලින් හදපු මසාජ් ශීට් එකේ සැපට ඉන්න ගමන් ලෝකෙ තියන උසස්ම තත්වයේ Burmester audio system එකකින් සින්දුවක් දාගෙන යද්දි කොහොම ඇතිද.

තව තියනවා... කාර් එකේ ඇතුලත වර්ණය වගේම fragrance(සුවද) තමන්ට ඕනි වෙලාවක, තමන්ට කැමති විදිහට වෙනස් කරගන්නත් පුලුවම්. ගැස්සීම 0%. ගැස්සිලි, පැද්දිලි මොනවත් නෑ..... උපරිම සැපපහසුවට හදපු ජෙට් එකක තියන සියලූම අංග මේකේ ඇතුලත් වෙනවා.

 මේකෙ තියන Sheet තමන්ට කැමති විදිහට වෙනස් කරගන්න පුලුවම්. ඒ සදහා අතින් සාදන ලද දියමන්ති සහිත බොත්තම් දොරේ සවිකරලා තියෙනවා. මේක ඇතුලෙ නිදාගන්න, කන්න, බොන්න, skype Meeting වගේ දේවල් වලටත් පහසුකම් සකසලා තියෙනවා. ඒ වගේම Mercedes-Maybach S600 කාර් එකේ අතුලත නිර්මාණය කරලා තියෙන්නෙත් 100% මිනිස් දෑතින්මයි.කාර් ඒකේ ඉදිරි කොටස හා පසුපස කොටස වෙන් වෙන විදිහර ආවරනය කරීමේ හැකියාවට අමතරව ඇතුලට ලැබෙන ආලෝකය ඇගිලිතුඩෙන් වෙනස් කිරීමේ හැකියාවත් මෙයාට තියෙනවා.

  රේඩාර් /Navigation තාක්ෂණය වගේම කැමරා යොදාගෙන ඉදිරියේ මාර්ගය විශ්ලේෂණය කරන නිසා හදිසි මංතීරු මාරුවකදී, වංගු ගැනීමකදී හෝ වලවල් වලට වැටීමකදී මෙයා හෙලවෙන්නෙවත් නැහැ. මොකද display එකේ යන්න ඕනි පාර අපිට කලින් පෙන්නනව වගේම ඒකට හරියන විදිහට කාර් එකේ චැසිය වෙනස් වෙනවා. ඒකට කියන්නෙ MAGIC BODY CONTROL. ඇත්තම කීවොත් මේකේ යද්දි Driver මහත්තයට කරන්න කියල වැඩක් නැති තරම්. සමාගම කියන්නෙ මෙයාව හදලා තියෙන්නෙ ඇගිලිතුඩු අස්සෙන් රිංගලා යන්න පුලුවන් විදිහට කියලා.



  එන්ජිම:- AMG එහෙමත් නැතිනම් handcrafted (මිනිස් දෑතින් නිපදවෙන) හෝස් පවර් 621ක BiTurbo v12 එන්ජින් එකකින් සමන්විත Mercedes-Maybach S600 වේග හතක ඔටෝ ගියර් පද්ධතිය මගින් පහසුවෙන්ම පාලනය කරනවා.

වේගය:- මෙයාට තත්පර 3.5 තුල පැයට කිලෝමීටර් 100 වේගයක් ලබාගන්න පුලුවම්.

ඉන්ධන:– ගැලුම් 25.4ක ඉන්ධන ටැංකියක් (ලීටර් 96) තියෙන Mercedes-Maybach S600 සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 7 / 8 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.

මිළ:- Mercedes-Maybach S600 රථයේ Basic Price එක $200,000 ආසන්න ගානක් වෙනවා. ඒත් අමතර උපාංග එකතුවෙලා එද්දි $250,000 විතර වෙනව කියලයි ආරන්චිය. ලංකාවේ මුදලින් රුපියල් තුන්කෝටි අසූහත් ලක්ශ පනස්දහසක් ( 38,750,000/=). ලංකාවට ගේන්න නියමිත Mercedes-Maybach S600 රථ දෙකම වෙඩි නොවදින ආමඩ් රථ නිසා බදු රහිත මිල රුපියල් කෝටි විස්සට වඩා වැඩී කියලයි ආරන්චිය.

ඉතින් අපි මේ සුපිරි මෝටර් රථය ගැන වීඩියෝ එකකුත් හැදුවා. ඒකත් අනිවා බලන්න පහලින්, ඒ වගේම SL Cars අපේ  Youtube Channel එක Subscribe කරන්න මෙතනින්

ඒ වගේම මේ ලිපිය ඔයාලගෙ යාලුවන්ටත් බලන්න අනිවා share කරන්නත් අමතක කරන්න එපා යාලුවනේ.....!



  

No comments:

Post a Comment