SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

මිලියන 120ක McLaren-570GT ස්පෝට් කාර් එකක් දැන් ලංකාවෙ...



... "McLaren-570GT"...
McLaren කියන්නෙනම් ශ්‍රීලංකාවේ අපිට එච්චරම හුරු වචනයක්නම් නෙවෙයි. මොකද මම දන්න තරමින් මෙච්චර කාලෙකට McLaren කාර් එකක් ලංකාවට ඇවිත් තිබුනෙ නැහැ. මොකද පහුගිය සතිය වෙනකම් එහෙම එකක් මෙහෙ තියෙනවා මම දැකලා තිබුනෙම නෑ....

  මොකක්ද මේ McLaren..?
 ලොව විශාලතම කීර්තිමත් උසස් තාක්ෂණයෙන් යුත් වෙළඳ නාමයන්ගෙන් එකක් විදියටයි මැක්ලරන් ටෙක්නොලොජි සමූහය (McLaren Technology Group) ලෝකයේම හදුන්වන්නෙ. එංගලන්ත සමාගමක් වන McLaren සමාගම වැඩිපුරම ප්‍රසිද්ධ රේසිං කාර් වලට. ෆෝමියුලා 1 (Formula 1) තරගාවලි ගැන ගොඩක් අය අහලා ඇති කියලා මම හිතනවා. ලෝකෙ තියන විශාලතම සහ වේගවත්ම කාර් රේස් එක කීවත් වරදක් නෑ.
  1963 සමාගම ආරම්භ කරපු දවසෙ ඉදලා මේ වෙනකම් මැක්ලරන් ෆෝමියුලා 1 කන්ඩායම 20 වතාවක් ලෝක ශූරතාවය දිනලා තියෙනවා. ඒ තරග 180 කට වඩා ජයග්‍රහණය කරලා. මෙයාලගේ තේමා පාටය "we exist to win in everything we do" (අපි කරන හැම දෙයක්ම ජයග්‍රහණය කල යුතුයි.) හිතාගන්න පුලුවන්නෙ වැඩ ගැන.

  McLaren-570GT ...

      570 මාදිලියට මෝටර් රථ වර්ග තුනක් අයිති වෙනවා.

  1. McLaren 570S                   2.McLaren 570S Spider         3.McLaren 570GT.

මාදිලිය Sport කාර් විදිහටත්, GT මාදිලිය සැප පහසු දුර ධාවන රථයක් විදියටත් හදුන්වන්න පුලුවම්.

කලින් ලිපියෙ කීව මෑතකදි ලංකාවට ආපු හොදම වාහන තොගයේ (ඡන්දෙත් එක්කම ලංකාවට ගොඩබැස්ස සුපිරිම සුපිරි කාර් සෙට් එක)ඉහලින්ම තියන්න පුලුවම් කෙනෙක් තමයි McLaren-570GT කියන්නෙ. කොහොම උනත් මේකත් කියන්නම ඕනි. McLaren-570GT කියන්නෙ McLaren සමාගමේ කුඩාම මෝටර් රථ මාදිලිය. හැබැයි ඉතිම් මෙයාගෙ වැඩනම් චුට්ටක්වත් පොඩිනම් නෑ..... මොකද McLaren-570GT රථය ඒකෙ නිශ්පාදකයො හදුන්වන්නෙ "පාරෙ යන අනිත් වාහන වල මූනට වැලි ගහන්න නිපදවපු මෝටර් රථයක් විදිහට.

  ආසන දෙක(දොර 02) Hatchback මාදිලියෙ මෝටර් රථයක් වෙන McLaren 570GT එකේ එන්ජිම තියෙන්නෙ ආසන දෙකේ පිටුපස මැදට වෙන්න. ඒ වගේම මේක Rear Weel Drive (පිටුපස රෝද කරකැවෙන) කාර් එකක්.

  එන්ජිම :- වෑල් 32 ,ලීටර 3.8 ක , V-8 , ද්විත්ව Turbo(Twin-Turbo), 3799CC එන්ජින් එකක් තියෙන McLaren-570GT එකට වේග 7ක ද්විත්ව ක්ලිප් (dual-clutch)ඔටෝ/මැනුවල් ගියර් පද්ධතියක් තියෙනවා.

වේගය :- තත්පර 3 වගේ පුංචි කාලයකදී 0 සිට 100kmph දක්වා වේගවත්වෙන මෙයාට 240kmph දක්වා වේගවත් වෙන්න යන්නෙ තත්පර 14 විතරයි. ඒවගේම මෙයාගෙ උපරිම වේගය 328kmph වෙනවා.

  ඉන්ධන :- බරින් අඩු ශක්තියෙන් වැඩි කාබන් ෆයිබර් ඉන්ධන ටැංකියක් තියෙන McLaren-570GT එකේ සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 4 / 5 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.

මිළ ගනන් :– අපි කථා කරන McLaren-570GT රථයේ MSRP එක (Manufacturer’s Suggested Retail Price) එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල ඇමරිකානු ඩොලර් 226,960 වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් තුන්කෝටි පනස් ලක්ශයක් විතර.(Rs 35,000,000/=)විතර වෙනවා. සුපුරුදු ලෙසටම ලංකාවෙදි මේකේ මිළ කෝටි දොලහක් විතර (Rs 120,000,000/=) වෙනව කියලයි දැනගන්න ලැබෙන්නෙ.

 ඇත්තටම කීවොත් මෑතකදි මම දැක්ක තවත් සුපිරිම කාර් එකක්. Sporty look එකනම් මාරයි..... මේවගේ තවත් ලස්සනම ලස්සන සුපිරි කාර් ගැන දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න..... Photo බලන්න අපේ  Face Book Page එකට set වෙන්න.

....  කතෘ ගෙන්………

“ලොකු පොඩි භේදයක් නැතුව අපි හැමෝම ආස කරන , ආදරය කරන දෙයක් තමයි වාහන කියන්නෙ.(විශේෂයෙන්ම කාර්) ලස්සන කාර් එකක් පාරෙ යනකොට ඒක දිහා ආපහු හැරලා බලන්නෙ අද නැතිඋනත් “දවසක මාත් ගන්නවා” කියන අපේ හිතේ කොනක හරි තියෙන පුංචි ආශාවක් නිසා. ඒ විදිහට හැංගිලා තියෙන වාහන හීන ගැන කියවලා , දැකලා , ඉගෙනගන්න ආස කරන හැමෝම වෙනුවෙන් ලංකාවෙ / ලෝකෙ වටේ තියෙන සුපිරිම කාර් වල විස්තර සිංහලෙන්ම ඔයාලගෙ ලගටම අරගෙන එන්නයි “Slcarinfo.com” අපේ සූදානම.“ ඉතින්…, ඔයාලා මේ ලිපිය ආසාවෙන් කියෙවුවනම්, නොදන්න දේවල් දැනගත්තනම් තවත් ඔයාලා වගේම වාහන වලට ආසා කරන පිස්සොන්ට/පිස්සියන්ට බලන්න Like/Share කරන්නත් මේ ගැන ඔයාලාගෙ අදහස් අපිට comment කරන්නත් අමතක කරන්න එපා… කලින් ලිපි….

01. අයිතිකාරයෙක් නැතිව පාරේ තනිඋන කෝටි 3 වටින Ford Mustang Shelby කෙල්ල
02. සැපපහසුවේ විශිෂ්ටත්වය, අලංකාරයේ අද්විතීයත්වය , නිහඩ බවේ සැහැල්ලුව , ආරක්ෂාවේ උපරිමය හා කඩිසරකම ශක්තිය කරගත් Rolls-Royce Ghost Series 2
03. කාටත් හොරෙන් ලංකාවට ආපු කෝටි 06 ක සිහින කුමාරයා “Mercedes-Benz_G-Wagon”
04. ඡන්දෙත් එක්කම ලංකාවට ගොඩබැස්ස සුපිරිම සුපිරි කාර් සෙට් එක

 ඊලග ලිපියෙන් ඔයාලා ලගට අරගෙන එන්නෙ “ලංකාවෙ පළමු සාමාජිකයන්ගේ මුල්ම තේරීම Mercedes-Benz-S600”

No comments:

Post a Comment