SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

BMW සමාගමේ විශිෂ්ඨතම නිර්මාණය BMW i8 Coupe/Roadster

ඔන්න යාළුවනේ අද අපි කතාකරන්නේ BMW i8 ස්පොර්ට් කාර් එක ගැන. ම්........... ඇත්තටම මාරම ලස්සන කාර් එකක්. ඒ විතරක් නෙවෙයි අතිවිශිෂ්ට නවීනතම තාක්ෂණයෙන් බිහිඋනු මොටර් රථයක්. අපි කලින් ලිපියකින් අරගෙන ආපු McLaren-570GT එක වගේම මේකත් ලස්සනයි.
BMW සමාගම ....
BMW සමාගම කියන්නෙ අපි කවුරුත් දන්න මොටර් රථ නිෂ්පාදන සමාගමක්නෙ.... විශේෂයෙන්ම ලංකාව වගේ රටක BMW එකක් පාවිච්චියට කරන්නේ යහමින් මුදල් තියෙන අය තමයි.
මොකද ඇත්තටම මෙවා පට්ට ගනන්. සමාගම ගැන කියනවනම් BMW කියන තේරුම "Bayerische Motoren Werke".මේකත් "Mercedese" වගේම ජ්ර්මන් සමාගමක්. මෙයලගේ ප්‍රධානම නිෂ්පාදන වෙන්නෙ සුපෝපභෝගී මොටර් රථ හා ඉහළ එන්ජින් ධාරීතාවයෙන් යුත් යතුරු පැදියි.
1916 ආරම්භකරන ලද BMW සමාගමේ ප්‍රධාන මූලස්ථානය ජර්මනියෙ මියුනිච් නගරයේ පිහිටුවලා තියෙනවා. 2015 අවුරුද්දේදී BMW සමාගම වාහන 2,279,503 නිපදවලා ලෝකේ දොලොස්වන විශාලතම මොටර් රථ
නිෂ්පාදන සමාගම වෙනවා. ඒ වගේම තමයි Mini හා Rolls-Royce සමාගම් පාලනය වෙන්නෙත් BMW සමාගම යටතේ .


BMW i8.........
BMW i8 කියන්නෙ මොටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේම වෙනසක් සිදුකරපු රථයක් කීවොත් වැරැද්දක් නැහැ. මේක Plug-in huybrid sport කාර් එකක් . (පරිසර හිතකාමී ලෙස හදපු සුපිරිම sport කාර් එකක්.) කෙටියෙන්ම කීවොත් Electric කාර් එකක තියෙන හොදම ගුණාංග, hybrid කාර් එකකට එකතු කරලා sport කාර් එකක් විදිහට නිර්මාණය කරලා තියෙනවා.
BMW i8 එකේ i8 Coupe,i8 Roadster විදියට මාදිලි දෙකක් තියෙනවා. i8 Coupe එක Electric Roof.
එන්ජිම :-   ලීටර් 1.5 ක අශ්වබල 228ක සිලින්ඩර තුනේ twin turbo එන්ජින් එකක් එක්ක එන BMW i8 එකේ Electric මෝටර් එකෙන් තවත් අශ්වබල 141 ක් නිපදවනවා.
ඉදිරිපස රෝද වලට ඉලෙක්ට්‍රික් මෝටරය හා පසුපස රෝද වලට Petrol එන්ජින් එක සම්බන්ද වෙනවා. ඊට අමතරව මේ දෙක අතර ඈරෝපනයවන කිලෝ වොට් 11.6 ක (11.6 kwh)අදී වෝල්ටීය ලිතියම් -අයන් බැටරිය සම්බන්ධ කරලා තියනවා.
ඒ කියන්නෙ මේක කරන්ට් එකට ගහලා Charge කරන්නත් පුලුවම්, Prtrel වලින් දුවන්නත් පුලුවම්, ඒ මදිවට යනගමන් Baterry එක නැවත charge වෙනවා.
ඒ වගේම තමයි මෙයාව Cool කරන්න යොදාගෙන තියෙන්නෙ Liqvid cooling System එකක්.
BMW_i8
වේගය :-    වේග 6ක ඔටෝ ගියර් පද්ධතිය මගින් තත්පර 4ක් තුල පැයට කිලෝමීටර් 100ක වේගයක් ගන්න මෙයාට පුළුවම්.
ඉන්ධන :–    ගැලුම් 11.1ක ඉන්ධන ටැංකියක් (ලීටර් 42) තියෙන BMW i8 සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 10/12 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.
මිළ :-    BMW i8 රථයේ Basic Price එක $144,000 ආසන්න ගානක් වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් විතර.( 22,000,000/=).
පුදුමෙ කියන්නෙ මේක ලංකාවෙත් ඒ මිළටම ගන්න පුලුවම් එක. මට දැනගන්න ලැබුනු විදිහට මේකෙ Tax එක රුපියල් 26,000.(හරියටම දන්නෙ නෑ...) මාරයි නේ....
අපේ අලුත්ම ලිපි කියවන්න www.slcarinfo.com වෙබ් අඩවියට හෝ slcarinfo.com අපේ Facebook page එකට Like කරලා අපිත් එක්ක එකතුවෙන්න.
තව කෙනෙකුට කියවන්න Shere කරන්නත් අමතක කරන්න එපා......

No comments:

Post a Comment