SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

කවුරුත් නොදන්න Benz කාර් වල පිස්සු හැදෙන මිලගනන් මෙන්න

Benz නම කියපු ගමන් අපි හැමෝම දන්න දෙයක් තමයි ඒවා පට්ටම ගණන් කියලා. Benz කාර් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ යහමින් මිල මුදල් තියෙන අය. ඒකට හේතුව ඉතින් අර කියපු මිළ කියන හේතුවම තමයි. මිල කීවම කාර් වල මිල වගේම අමතර කොටස් හා සේවා ගාස්තු ආදී සියලුම වියදම් ගොඩක්ම ගොඩක් මිල අධිකයි .

අද අපි කියන්න හදන්නේ හදන්නෙ ලංකාවෙ තියෙන බෙන්ස් කාර් කිහිපයක මිල ගණන් ගැන. ඊට කලින් බෙන්ස් සමාගමේ තියෙන වාහන මාදිලි ගැන පුංචි අවබෝධයක් දෙන්න හිතුවා. Benz logo එක ගහපු වාහනයකට අපි සාමාන්‍යයෙන් කියන්නේ බෙන්ස් කාර් කියලා තමයි. ඒ වුනාට සාමාන්‍ය ජපන් / ඉන්දියානු රථ වල නම් අපි මාදිලි නම් හොඳටම දන්නවා. ගොඩක් අය නොදන්නවා වුණාට Benz සමාගමේ වාහන මාදිලි වර්ග ගොඩක් තියෙනවා. ඒවට තියෙන නම් හරිම ලස්සනයි, වගේම විශේෂයි .

Benz වාහන ප්‍රධාන මාදිලි දෙකකට වෙන් වෙනවා. සාමාන්‍ය බෙන්ස් රථ හා AMG රථ විදිහට. AMG රථ 100% මිනිස් ශ්‍රමය යොදාගෙන නිපදවනවා. AMG රථ නිපදවන්න කිසිම ආකාරයක රොබෝ තාක්ෂණයක් යොදා ගැනෙන්නේ නෑ.. ඒ නිසාම AMG රථ තමයි Benz සමාගම තියෙන වැඩිම වටිනාකමකින් යුතු මෝටර් රථ මාදිලිය වෙන්නේ.

Mercedes Benz A-Class





Mercedes Benz B-Class





Mercedes Benz C-Class





Mercedes Benz E-Class





Mercedes Benz G-Class





Mercedes Benz M-Class





Mercedes Benz S-Class





Mercedes Benz මෝටර් රථ කිහිපයක ශ්‍රී ලංකාව තුල මිලගනන්...




01. Mercedes Benz E43 AMG - Bi-turbo



අශ්ව බල 401 ක, 2996cc Bi-turbo එන්ජිමක් සහිත E43 AMG රථය තත්පර 4.6 ඇතුළත 0 සිට පැයට කිලෝ මීටර් සීය දක්වා වේගයකින් ධාවනය වෙනවා (0-100 km/h = 4.6 Sec). AMG රථයක් වන මෙය රුපියල් හාර කෝටි තිස් දෙලක්ෂයකට ( 43,200,000/= ) ශ්‍රී ලංකාව තුලදී මිළදී ගන්න පුලුවම් .

02. Mercedes Benz E300 Coupe



අශ්ව බල 245 ක, 1991cc එන්ජිමක් සහිත E 300 Coupe රථය තත්පර 6/ 4 ඇතුළත 0 සිට පැයට කිලෝ මීටර් සීය දක්වා වේගයකින් ධාවනය වෙනවා (0-100 km/h = 4-6 Sec). දොර දෙක කූප් රථයක් මෙය රුපියල් තුන් කෝටි පනස් නවලක්ෂයකට ( 35,900,000/= ) ශ්‍රී ලංකාව තුලදී මිළදී ගන්න පුලුවම් .

03. Mercedes Benz C200 Coupe





අශ්ව බල 184 (bhp)ක, 1991cc එන්ජිමක් සහිත C 200 Coupe රථය තත්පර 7 ඇතුළත 0 සිට පැයට කිලෝ මීටර් සීය දක්වා වේගයකින් ධාවනය වෙනවා (0-100 km/h = 7 Sec). දොර දෙක කූප් රථයක් වන මෙය රුපියල් එක්කෝටි අනූ අටලක්ෂයකට ( 19,800,000/= ) ශ්‍රී ලංකාව තුලදී මිළදී ගන්න පුලුවම් .

04. Mercedes Benz G350d Diesel



අශ්ව බල 245 (bhp)ක, 2987cc එන්ජිමක් සහිත G350d රථය ගැන සම්පූර්න විස්තරයක් අපි කලින් "කාටත් හොරෙන් ලංකාවට ආපු කෝටි 06 ක සිහින කුමාරයා “Mercedes-Benz_G-Wagon"" ලිපියෙන් අරගෙන ආවනේ. මෙය රුපියල් හය කෝටි අනූ පන්ලක්ෂයකට ( 69,500,000/= ) ශ්‍රී ලංකාව තුලදී මිළදී ගන්න පුලුවම් .

05. Mercedes Benz SL 400



අශ්ව බල 367 ක, 2996cc එන්ජිමක් සහිත SL 400 රථය තත්පර 4.9 ඇතුළත 0 සිට පැයට කිලෝ මීටර් සීය දක්වා වේගයකින් ධාවනය වෙනවා (0-100 km/h = 4.9 Sec). දොර දෙක, Electric Roof, Sport රථයක් වන මෙය රුපියල් පන් කෝටි පනස්ලක්ෂයකට ( 55,000,000/= ) ශ්‍රී ලංකාව තුලදී මිළදී ගන්න පුලුවම් .

No comments:

Post a Comment