SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

Nissan Leaf 2018 දැන් නව මුහුනුවරකින් නැවතත් කරලියට...

Nissan Leaf කියන්නෙ අපි හැමෝම හොදට දන්න අදුරන වාහනයක්. ලංකවට Electric වාහනයක අත්දැකීම මුලින්ම ලැබුනේ Nissan Leaf රථය හරහා. 2012 වසරේ සිට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැමිණි මෙම රථයට 2018 නව මුහුනුවරක් සමග විශාල පාරිභෝගික ආකර්ෂණයක් ලැබෙන බවයි දැනගැනීමට ලැබෙන්නේ.
වසර 06කට වඩා එකම හැඩයෙන් නිශ්පාදනය උනු Nissan Leaf රථය සුළු සුළු වෙනස්කම් පමනක් එකතු කරමින් 2017 වසර් දක්වාම පැමිණියා. නමුත් 2018 නව Nissan Leaf රථය පෙර රථයට වඩා හැඩයෙනුත්,තාක්ෂණයෙනුත් වඩා විශාල වෙනස්කම් වලට ලක් කර ඇත.



සීමා සහිත දුර ප්‍රමාණයක් තුල එදිනෙදා භාවිතයට සුදුසු ලෙස සකසා ඇති Nissan Leaf රථය මුල්‍යමය අතින් ඉතා වාසිදායක මෝටර් රථයක් වෙනවා. 2018 Nissan Leaf රථ මාදිලි 03කින් නිපදවනවා.
01. 2018 Leaf S/ 02. 2018 Leaf SV/ 03. 2018 Leaf SL.
එකිනෙකට වෙනස් පහසුකම් සහිත ඉහත මාදිලි වල නිෂ්පාදන මිල ගනන් පිලිවෙලින් $29,990/ $32,490/ $36,200 වෙනවා. කැමරා ආධාර කරගනිමින් ස්වයංක්‍රීය මෙහෙයුම් ආධාරක හැකියව මෙම නව 2018 Leaf රථයට අමතරව එකතු කරගැනීමේ හැකියාවත් පාරිභෝගිකයන්ට පවතිනවා.

2018 Nissan Leafe.......

ඉලෙක්ට්‍රික් මෝටරය/බැටරිය :- අශ්වබල 147 බලගැන්වු 2018 Nissan Leaf රථය කිලෝමීටර් 40ක ලිතියම් අයන් බැටරි පැක් එකකින් සමන්විත වේ.

දුර ප්‍රමාණය :- පෙර වසරේ නිර්මාණය කල Nissan Leaf රථයට වඩා (2017) එක් අරෝපණයකින් 40%ක වැඩ් දුරක් ධාවනය කිරීමට 2018 Nissan
Leaf රථයට හැකියව ලබාදී තිබෙනවා. එනම් 100 %ක ආරෝපණයකින් සැතපුම් 151 (242.95 KM) ධාවනය කිරීමේ හැකියව පවතිනවා.


ආරෝපණය :- ඔබ Fast changer භවිතා කරන්නේ නම් සම්පූර්ණ ආරෝපන්ණය සඳහා (100%) ගතවන්නේ විනාඩි 40 පමණයි. 6 KM මගින්
ආරෝපණය කරන්නේ නම් ඒ සඳහා පැය 8ක කාලයක් ගතවන අතර 3 KM නම් පැය 16 බලා සිටීමට සිදුවේ.

වේගය :- 2018 Nissan Leaf රථයට සිට පැයට කිලෝමීටර් 100 (0-100 kmph) වේගයක් ලබාගැනීම සඳහා තත්පර 7.4 ගතවන අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 155වේ. (155kmph).

මිල ගනන් :- ඉහත සදහන් කල පරිදි මාදිලිය අනුව මිල ගනන් වෙනස් වේ. නව 2018 Nissan Leaf රථය රු.5,000,000 කට ආසන්න මුදලකට ලංකාවේ වෙලද පළට එක් කිරීමට බලාපොරොත්තුවක් ඇති බව දැනගැනීමට ලැබී ඇත.

වඩා වැඩි බලයකින් හා ධාවන හැකියාවකින් යුත් නව Nissan Leaf රථයක් 2019 වසරේ නිකුත් විමට නියමිතයි.

එහෙනම් යාලුවනේ ලිපිය හොදයිනම් Like, Comment, Shere කරන්නත් අමතක කරන්න එපා…….

කලින් ලිපි මෙතැනින් බලන්න.. 

Videos බලන්න SLCARS අපේ YouTube චැනල් එකට subscribe කරන්න…. 

No comments:

Post a Comment