SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

හිතාගන්නවත් බැරි වැඩකෑලි එක්ක එන කෝටි 8 වටින Off-Road දැවැන්තයා Range Rover 2018



1948 වසරේ  එංගලන්තයේ දී ප්‍රථම වරට ආරම්භ කරන ලද Land Rover Range Rover  රථ නිෂ්පාදනය මිනිසාට කළ හැකි දේ අභියෝගයට ලක් කරන SUV රථයක් කීවොත් හරියටම හරි . සාමාන්‍ය මෝටර් රථයක ගමන් කිරීමට නොහැකි අසීරු මාර්ග, කඳු හෙල් වැනි ඕනෑම තැනකට සැප පහසුවෙන් ගමන් කළ හැකි ලෙසයි Range Rover   රථ නිර්මාණය වෙන්නේ .මේ තුළින් ලෝකය තවත් විශාල වෙනවා කියන එකයි සමාගමේ මතය. ඇත්ත තමයි, යන්න බැරි තැන් වලට යනවා කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් ඉඩකඩ වැඩි වෙනවා කියන එකනෙ. 

Range Rover රථ මාදිලි විශාල ප්‍රමානයක් තියෙනව. අලුත්ම ප්‍රදානම මාදිලි කිහිපය තමයි මේ...



New Range Rover 2018...

කලින් කිව්වා වගේ 1947 ඉඳලා අරගෙන ආපු අද්විතීය උරුමය හා අත්දැකීම් ලොවම පෙන්වමින් නව 2018 Land Rover Range Rover  රථය නිර්මාණය වෙලා තියෙනවා .වසර 71 අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් පෙර රථ වලට වඩා උස් වූ අති නවීන තාක්ෂණය යොදා නිර්මාණය වී ඇති මෙම 2018 Range Rover  රථය ගමන් කරන්නන්ට වඩා සුවපහසු, ප්‍රීතිමත්, සැබැවින්ම පළමු පන්තියේ සංචාරක අත්දැකීමක් ලබා දෙනවා .



පෙර ලිපි වල අපි කතා කළ BMW i8 වගේම මේකත් Plug-in Hybrid රථයක්. අනාගත වාහන ගමනාගමනය ආකර්ෂණීය නව යුගයකට ගෙන යන විදුලි බලය යොදාගනිමින් Land Rover සමාගම නිපද වූ ප්‍රථම මෝටර් රථය ද මෙයයි .

විශේෂාංග....

සාමාන්‍ය off-road රථයකට වඩා වැඩි බරක් දරා ගනිමින් ඕනෑම තැනක ගමන් කිරීමේ හැකියාව නව Range Rover රථයට ලබා දී තිබෙනවා. හරියටම කියනවනම් කිලෝග්‍රෑම් 3500කට වඩා බරක් මෙයාට පහසුවෙන් රැගෙන යන්න පුළුවන් .

four by four රථයක් වන මෙය Range Rover  රථ මාදිලියට ම ආවේණික වූ විශේෂාංග රැසකින් සමන්විත වෙලා තියෙනවා . විශේෂයෙන් ම වාහනයේ උස වෙනස් කිරීමේ හැකියාව නම් මාරයි. ගමන් ගන්නා විට හදිසියේ හමු වන ගැටිති උස් තැන් වලට ප්‍රතිචාර වශයෙන් ස්වයංක්‍රීයව මිලි මීටර් 50ක් දක්වා (ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්) වාහනය උස මට්ටම වෙනස් කර ගැනීමේ හැකියාවත් නව Range Rover රථයට ලබා දී තිබෙනවා . ගමන් ගන්නා විට රියදුරට අවශ්‍ය නම් එය මිලිමීටර් 75 ක් දක්වා වැඩි කර ගන්නත් පුළුවන් .

සාමාන්‍ය හයිබ්‍රිඩ් මෝටර් රථයක රියදුරුට අවශ්‍ය පරිදි බැටරි බලය හා ඉන්ධන බලය යොදාගැනීමේ හැකියාව ලැබෙන්නේ නෑ . නමුත් off Road අත්දැකීමට කිසිදු බාධාවක් නොවන අයුරින් අවශ්‍ය වෙලාවට සියයට සියයක් ම පෙට්‍රල්/ඩීසල් එන්ජිම භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාවත්, අවශ්‍ය විට විදුලි බලයෙන් පමණක් ගමන් කිරීමේ හැකියාවක් නව Range Rover රථයට ලබා දී තිබෙනවා. 



රථය උපරිම වේගයෙන් ගමන් ගන්නා අවස්ථාවේදී උනත් වංගු ගැනීමකදී, හදිසි මන්තීරු මාරුවකදී වැනි  අවස්ථාවලදී කිසිදු හෙළ වීමකින් හෝ පාලනයෙන් බැහැර වීමකින් තොර ව ගමන් කිරීමේ හැකියාවත් නව Range Rover රථය සතුයි . එවැනි අවස්ථා වලදී මාර්ගයට හා අවස්ථාවට ගැළපෙන පරිදි අවශ්‍ය රෝද වල උස ස්ව්‍යංක්‍රීයව උස් පහත් කරගැනිමේ තාක්ෂණය මෙයාට ලබා දී තිබෙනවා .

Range Rover රථයට ලබාදී තිබෙන ආලෝක පද්ධතිය ඉතාමත් විශේෂයි. ලොව පළමු වතාවට ජීවිත කාලයටම වගකියන අති නවීන ආලෝක පද්ධතියක් මෙයාට තියෙනවා .

Speaker විසිනමයක (29) සහිත අපූර්වතම sounds system එකක් නව Range Rover රථය සතු වෙනවා .

හදිසි අවස්ථාවකදී දුරකථනය හෝ Smart Watch එක මගින් රථය ඇති තැන හඳුනාගන්න, ලොක් කරන්න වගේ තව තව වැඩ කෑලි ගොඩක් මෙයා ලඟ තියෙනවා 



හතර වටේ sences නිසා අනතුරු සිදු නොවෙන තරම් . කොහොමද කියනවනම් හයිවේ එකේ Cruise control දාගෙන යද්දි වුණත් මාර්ගය දෙපස තියන උපරිම වේග සීමා පුවරු වලට අනුව මෙයාගේ වේගය වෙනස් කර ගන්නවා . 

සුඛෝපභෝගී මෝටර් රථ වල ඇති Auto parking පහසුකම වගේම අනෙකුත් සියලූම පහසුකම් මෙහි අන්තර්ගත වෙනවා 

පුංචි දෙයක් වුනත් ඉතාම අපූරු සංකල්පයක් Range Rover රථය තුල අන්තර්ගත වෙනවා. අපි ශොපින් ගිහිල්ල අත් දෙකටම බඩු ගොඩක් උස්සගෙන වාහනේ ළඟට ආවොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් නම් මලු ටික බිමින් තියලා දොර අරින්න වෙනවා. ඒවගේම තමයි ඉඩ මදි නම් ලෝක ප්‍රශ්නයක්. හැබැයි ඔයා ළඟ අලුත්ම Range Rover රථයක් තියනවා නං ඒක ප්‍රශ්නයක් නෙවේ . බඩු ටික ගන්න කොටම අවශ්‍ය ඉඩ ප්‍රමාණය අනුව සුපර්මාකට් එක ඇතුලේ ඉඳලම දුරකථනය මගින් පිටු පස අසුන් හැකිලවීමේ හැකියාව මෙයාට තියෙනවා . ඒ වගේම තමයි බඩු අරගෙන වාහනය ලඟට ඇවිත් කකුලෙන් උනත් දොර වල් ටික ඇරගන්න පුළුවන්


එන්ජිම :-   ලීටර් 5.0 ක V8 Supercharged Petrol එන්ජින් එකක් එක්ක එන නව Range Rover එක අශ්වබල 700 ක් නිපදවනවා. ඒ කියන්නෙ 5000 cc. 

විදුලි මෝටරය :- කිලෝ වොට් 85 ක අධි බලැති විදුලි මෝටරයකින් අමතර බලයක් සැපයෙන අතර, එයට විදුලුය සැපයීම සදහා කිලෝ වොට් 13 ක බැටරියක් සවික් අරලා තියෙනවා.

වේගය :-    වේග 8 ක ඔටෝ ගියර් පද්ධතිය මගින් තත්පර 5.4 ක් තුල පැයට කිලෝමීටර් 100ක වේගයක් ගන්න මෙයාට පුළුවම්.

ඉන්ධන :–    නව Range Rover රථයේ සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 10/12 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ. ඒ වගේම තමයි ඉලෙට්‍රික් බලයෙන් විතරක් 56 Km ධාවනය කරන්න පුලුවම්. 

මිළ :-   නව Range Rover රථයේ Basic Price එක ඇමරිකානු ඩොලර් $105,845 ආසන්න ගානක් වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හැට පන්ලක්ෂයක් විතර.( 16,500,000/=). ලංකාවෙ මිල නම් තවම දන්නෙ නැහැ. දන්නවනෙ ඉතිම් අපෙ අයියලා ගැන. මොනා උනත් නව  Range Rover 2018 රථය ලංකාවෙ කෝටි 6 / 8 අතර වෙයි කියලයි ගනන් බලලා තියෙන්නෙ...

Photos මෙතනින් බලන්න..👈👈👈👈

මෙන්න අපි අපේ චැනල් එකට මේ මෝටර් රථය ගැනත් සුපිරිම වීඩියෝ එකක් හැදුවා. ඒකත් අනිවා බලන්න යාලුවනේ .....



මේ හැම කාර් එකක් ගැනම වෙනම Reviews බලන්න අපේ  SL Cars අපේ Youtube Channel එක Subscribe කරන්න. ඒ වගේම   slcarinfo.com අපේ Facebook page එකට Like කරලා අපිත් එක්ක එකතුවෙන්න.

තව කෙනෙකුට කියවන්න Shere කරන්නත් අමතක කරන්න එපා......


















No comments:

Post a Comment