SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

Dodge Challenger SRT Demon ඇමරිකාවේ නිපදවු බල සම්පන්නම මෝටර් රථය


ඔන්න යාළුවනේ අද අපි ඔයාලා ලඟට අරගෙන එන්නේ ඉතාමත් සුවිශේෂි, ඒ වගේම අමුතුම ආකාරයේ කාර් එකක් ගැන. නම කීවාම වැඩිය දන්නේ නැති උනාට මෙයාව දැක්ක ගමන්ම හැමෝම අදුර ගන්නවා. ඔව් ඔව්.. Fast & Furious Film සෙට් එකේ තියෙන අමුතුම Look එකක් තියෙන කාර් එක තමයි මේ. පැරණි මෝටර් රථ මාදිලි වලට ආදරය කරන හැමෝම වගේ වැඩිපුරම ආස කරන කාර් එකක් තමයි Dodge Callenger කියන්නෙ.

Classic Look එකක් එක්ක අති නවීන ගැජට් කෑලි යොදාගනිමින් නිර්මාණය කරලා තියෙන 2018 Dodge Challenger SRT Demon එකනම් අතීතය හා වර්තමාන එකතුවූ අපූරු සංයෝගයක් වගෙයි. 1903 දී Dodge සහෝදරයන් විසින් ඇමරිකාවේ මිචිගන් නගරයේ ආරම්භ කරන ලද Dodge සමාගම සිය ප්‍රථම මෝටර් රථය 1914 නොවැම්බර් මාසයේදී එලිදක්වනවා.එසේ ආරම්භ කරන ලද Dodge සමාගම 1920 වන විට සේවකයන් 22,000 සහිතව වසරකට මෝටර් රථ 140,000 නිපදවන විශාල සමාගමක් බවට පත්වෙනවා.

අද අපි කථාකරන Dodge Callenger SRT Demon රථය නිර්මාණය වන්නේ Dodge සමාගමේ 2018 වසරේ නවීනතම මෝටර් රථය විදිහටයි. Dodge සමාගම Callenger මාදිලියේ මෝටර් රථ වර්ග 03ක් නිපදවනවා.

ඒවානම්, Dodge Callenger/Callenger SRT Hellcaf සහ Callenger SRT Demon.

අපි කථා කරන Callenger SRT Demon රථය තමයි Dodge සමාගමේ නිපදවන වැඩිම වටිනාකමීන් යුත් රථය වෙන්නේ. එ වගේම තමයි එදා මෙදා තුර ඉතිහාසයේ ඇමරිකාව තුල මෙතෙක් නිපදවු ප්‍රබලතම මෝටර් රථය තමයි මේ Dodge Callenger SRT Demon කියන්නෙ.



V8 එන්ජිමක් කියපුවම අපි හැමෝම දන්නවා. විශේෂයෙන්ම ලංකාවේ Toyota Land cruiser මාදිලියටත් අපි කියන්නෙ V8 කියලනෙ. නමුත් හොඳම සිද්දිය තමයි ලොකේ තියෙන බලසම්පන්න අතින් ඉහළම V8 එන්ජින් එක තියෙන්නෙ මේ අපි කථාකරන Dodge Callenger SRT Demon ලඟ. බලන්නකො කොහොමද කියලා......

Dodge Callenger SRT Demon...

Performans වලින් ඉහල වාහන වලට යක්කු කියල කථාවට කියනව අපි අහල තිබුනට ඇත්තටම එහෙම එකක් දැකලා තිබුනෙ නෑනෙ. ඔන්න බලන්නකො එහෙනම්.......

මිත්‍යා මත වලින් ගොඩනැගුනු යක්ශයෙකුගේ රූපය පාදක කොටගත් අපූරු ලාංඡනයකට හිමිකම් කියන Dodge Callenger SRT Demon රථය ඇත්තටම යක්ශයෙකුගේ තියෙනවයි කියන අසීමිත ශක්තියක් සහිත වාහනයක්...

එන්ජිම :- වේග 8 ක Auto with Manual ගියර් පද්ධතියක් සහිත Dodge Callenger SRT Demon රථය supercharged and intercooled pushrod 16-valve V-8, iron block and aluminum heads, port fuel injection වලින් සන්නද්ද යක්ෂ එන්ජිමකින් සන්නද්ද වෙනවා.එමගින් අශ්ව බල 840 නිපදවනවා. V-8 එන්ජින් එකකින් ඒවගේ බලයක් නිපදවන්න පුලුවම් කියන එක අදහාගන්නත් අමාරුයි.

අපි කලින් ඉදිරිපත් කල Mercedes-Maybach S600,   Rolls-Royce Ghost Series II රථ වල V-12 එන්ජින් වලින්වත් මේ වගේ බලයක් නිපදවෙන්නෙ නැහැ.



ඉන්ධන :- ගැලුම් 18.5 ක ඉන්ධන ටැංකියක් (ලීටර් 70) සහිත Dodge Callenger SRT Demon සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 4-6 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.

මිළ ගනන් :- අපි කථා කරන Dodge Callenger SRT Demon රථයේ MSRP එක (Manufacturer’s Suggested Retail Price) එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල ඇමරිකානු ඩොලර් $87,000 වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් එක්කෝටි තිස්හය ලක්ශයක් විතර වෙනවා. (Rs 13,700,000/=)
ලංකාවෙ ගානනම් ඉතිම් කියල වැඩක් නෑ.... දැනගන්න ලැබුනු විදිහටනම් මේක ලංකාවට එද්දි රුපියල් කෝටි හතරකට වඩා වැඩිවෙනවා.

යාලුවනේ ලිපිය හොදයිනම් තව කෙනෙකුට බලන්න Like / Share කරන්නත් අමතක කරන්න එපා…….


ඉතින් මේ සුපිරි මෝටර් රථය ගැන තවත් විස්තර ගණනාවක් පහත වීඩියෝ එකේ තියෙනවා. ඒකත් අනිව බලන්න.

ඒ වගේම අපේ Sl Cars Youtube චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා හොදේ….




අපේ අලුත්ම ලිපි කියවන්න www.slcarinfo.com වෙබ් අඩවියට හෝ slcarinfo.com අපේ Facebook page එකට Like කරලා අපිත් එක්ක එකතුවෙන්න.

No comments:

Post a Comment