SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

ලංකාවෙ Top 10 List එකට අලුතින්ම එකතු වෙන Bentley Mulsanne Hallmarks


ලංකාවෙ තියෙන මිලෙන් වැඩිම මෝටර් රථය "Rolls Royce Ghost" ගැන අපි කලින් ලිපියකින් කථා කලා ඔයාලට මතක ඇතිනේ. දැනට අපේ රටේ Rolls Royce Ghost රථ තුනක් තියෙනවා. අද අපි කථා කරන්නෙ ලංකාවෙ තියෙන වටිනාකමින් වැඩිම මෝටර් රථ List එකට අලුතින්ම එකතු වෙන Bentley Mulsanne Hallmarks ගැන.

 "අති සුපෝපභෝගී බව සහිත ගමනක්" තේමා කරගත් Bentley සමාගම එංගලන්තයෙන් බිහි උනු තවත් අති විශිෂ්ටතම මෝටර් රථ නිශ්පාදන සමාගමක්. මොකද කීවොත් ලෝකයේ මිල අධික මෝටර් රථ වලින් වැඩි හරියක් නිපදවනෙ එංහලන්තයේ. Rolls Royce වගේම Bentley සමාගමෙත් සෑම රථයක්ම නිපදවන්නේ 100% ම මිනිස් දෑතින්

රාජකීය එංගලන්තයේ පාරම්පරික අත්කම් නිර්මාණ, හැඩතල මේ සදහා වැඩිපුර යොදාගන්නවා.ඕනෙම දේක වටිනාකම වැඩි වෙන්නෙ ඒ දේවල් සිමිත උනාමයි. බෙන්ට්ලි සමාගමත් නිශ්පාදනය කරන්නෙ බොහොම සීමිත මෝටර් රථ ප්‍රමානයක්. Bentley Mulsanne Hallmarks කලින් කීව විදිහටම බෙන්ට්ලි සමාගම Bentley Mulsanne Hallmarks රථ නිපදවන්නෙත් බොහොමත්ම සීමිත ප්‍රමානයක්.‍ හරියටම කීවොත් 50යි. 
දකුනු ආසියාව හා මැදපෙරදිග කලාපයේ තියෙන එකම Bentley Mulsanne Hallmarks රථයේ හිමිකරුවා ලකාවෙ අපි හැමෝම දන්න ධම්මික පෙරේරා මහතා වීම අපේ මේ පුංචි රටට ලොකු ආඩම්බරයක්.

තවත දෙයක්, අපි කලින් ලිපියකින් කථා කරපු ලංකාවට ගෙනාව “Mercedes-Benz_G-Wagon” රථ තුනෙන් එකක් මිළදී ගත්තෙත් මෙතුමා විසින්මයි


ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදි...

ඔබ පොහොසත්ද? ගොඩාක් පොහොසත්ද ? එහෙමනම් Bentley Mulsanne Hallmarks රථයක් ගැන හිතුවට ප්‍රශ්නයක් නෑ..... එහෙමයි සමාගම කියන්නෙ. දොර හතර සෙඩාන් මාදිලියේ ලෝකෙ තියෙන වටිනාකමින් වැඩිම මෝටර් රථයත් Bentley Mulsanne Hallmarks රථය කියලයි පිලිගැනෙන්නෙ. මොකද මෙයා හැඩ ගැන්වෙන්නෙ රත්‍රං ,රිදී, දියමන්ති වලින්. ඇතුලත පෙනුම නිර්මානය කිරීමට පුරාවිද්‍යාත්මක හැඩතල යොදා ගැනෙනවා. ඒ නිසාම මේවාගේ පෙනුම එකිනෙකට වෙනස් වෙනව කියලත් දැනගන්න ලැබෙනවා.

Bentley Mulsanne Hallmarks රථයක් පාවිච්චි කරන කෙනෙකුගේ අවම වත්කම් ප්‍රමානය රුපියල් කෝටි 200 ට වැඩී කියලයි Bentley සමාගමේ ප්‍රධානියා කියන්නෙ.

එන්ජිම :- ලීටර 6.75 ක , ද්විත්ව Turbo(Twin-Turbo),V-8, 6750CC එන්ජින් එකක් තියෙන Bentley Mulsanne Hallmarks එකට වේග 8ක ඔටෝ/මැනුවල් ගියර් පද්ධතියක් තියෙනවා.

  වේගය :- තත්පර 5 වගේ කාලයකදී 0 සිට - 100kmph දක්වා වේගවත්වෙන මෙයාට 160kmph දක්වා වේගවත් වෙන්න යන්නෙ තත්පර 12 විතරයි. ඒවගේම මෙයාගෙ උපරිම වේගය 305kmph වෙනවා.

ඉන්ධන :- Bentley Mulsanne Hallmarks එකේ සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 4 / 5 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.



  මිළ ගනන් :– අපි කථා කරන Bentley Mulsanne Hallmarks රථයේ MSRP එක, එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල ඇමරිකානු ඩොලර් 400,000 වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් හය කෝටි විසි ලක්ශයක් විතර(Rs 62,000,000/=) වෙනවා. සුපුරුදු ලෙසටම ලංකාවෙදි මේකේ මිළ කෝටි දාසයක් විතර (Rs 160,000,000/=) වෙනව කියලයි දැනගන්න ලැබෙන්නෙ

ලිපිය ලස්සනයි නම්, හොදයි නම්, අලුත් දේවල් දැනගත්තනම් තවත් අයට බලන්න Share කරන්න අමතකක් රන්න එපා...... 

ලංකාවෙ වගේම ලෝකෙ වටේ තියෙන සුපිරිම කාර් ගැන විස්තර සිංහලෙන්ම දැනගන්න ඉදිරියටත් අපිත් එක්කම ඉන්න.....
අපේ අලුත්ම ලිපි කියවන්න www.slcarinfo.com වෙබ් අඩවියට හෝ slcarinfo.com අපේ Facebook page එකට Like කරන්න.

No comments:

Post a Comment