SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

Audi සමාගමේ Sport මාදිලියේ සුපිරිම කාර් එක 2018 Audi R8 RWS

Audi රථ වලට ආස කරන හැමෝම වෙනුවෙන් ඔන්න අද අපි අරගෙන එනවා Audi සමාගමේ Sport මාදිලියේ සුපිරිම කාර් එකක් වන 2018 Audi R8 RWS ගැන ... කලින් ලිපි වලින් අපි Benz, BMW, Rolls Royce, Dodge, Bendly වගේ ලෝකෙ තියන සුපිරි කාර් ගොඩක් ගැන විස්තර අරගෙන ආවනේ. පලවෙනි වතාවට තමයි Audi ගැන ලියන්නේ. ඒ නිසා Audi සමාගමේ තියෙන සුපිරි තම මෝටර් රථය 2018 Audi R8 RWS ගැනම ලියන්න හිතුවා.

Audi සමාගම ...

ජර්මනියට අයත් තවත් එක් විශිෂ්ට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Audi සමාගම මේ වන විට වනවිට 99.55% volkswagen group සමාගම සතු වෙනවාසුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්න Audi සමාගම අනෙක් තරගකාරී සමාගම් වලට දෙවෙනි නොවන තරගයක් ලබා දෙනවා. ලංකාවේ අපි Benz / BMW ළඟට ඊළඟට පුරුද්දට වගේ කියන නම තමයි Audi. ඇත්තම කීවොත් Audi කියන්නේ වෙනම ආතල් එකක්. "Driver" ෆිල්ම් සෙට් එක බලල තියෙනවනම් කස්ටියම Audi ගැන ගොඩාක් දැනුවත්.

2018 Audi R8 RWS...

දෙදෙනකු පමණක් රැගෙන යාහැකි, දොර දෙක කූප් (2-Door Coupe) රථයක් වන 2018 Audi R8 RWS අමුතුම හැඩයක් එක්ක එන ලස්සනම ලස්සන කාර් එකක්. මෙයාගෙ 4G LTE සමග Wi-Fi hotspot පහසුකම එක්ක ඉදිරිපස අගල් 12.3 ක විශාල තිරයක් දකින්න පුලුවම්. ඇතුලත සියලු උපකරණ 100% ම මිනිස් දෑතින් නිමවෙන නිසා අමුතුම ලස්සනක් එක්ක සුපිරිම සැපපහසුවක් තියෙන කාර් එකක්. සෑම වසර 5කට වරක්ම ප්‍රධාන ප්‍රතිනිර්මාණ කටයුතු කරන මෙම රථයෙන් ගමන් යාමේදී වෙනස්ම විදියේ අත්දැකීමක් ලැබෙන බවයි සමාගම කියන්නේ. Audi නම් ඉතින් දැක්කත් සැප තමයි නේද....? ඇයි දන්නෙ නෑ මේ සුපිරි වාහන වල නම් වලට යක්කු පෙරේතයො භූතයොන්ගෙ නම් ගෑවෙනව වැඩී වගේ. අපි කලින් කතා කරපු Dodge, Rolls Royse Ghost වගේම මේකත් එහෙමයි . 2018 Audi R8 RWS එකෙත් තේමා පාඨය බලන්නකො "Dancing with the devil in the Pale Castile Light"

විශේෂාංග :-

විශේෂාංග ගැන කතා කරද්දි 2018 Audi R8 RWS රථය ගොඩාක් විශේෂයි. හේතුව තමයි මෙයාව ගන්න කෙනාට, ඒ කියන්නේ පාරිභෝගිකයාට තෝරාගැනීම් දෙකක් තියෙනවා...

01. V-10 එන්ජිම සහිත 2018 Audi R8 RWS .....

එන්ජිම :- ලීටර 5.2 , වෑල් 40, ද්විත්ව injection සහිත V-10 එන්ජිම අශ්වබල 540 නිපදවනවා. වේග 7ක S tonic,ද්විත්ව ක්ලච් සහිත ගියර් පද්ධතියක් සමග Four By Four/ All Wheel Drive ආශ්වාදය ලබා දෙනවා... වේගය ;- 0 සිට පැයට කිලෝමීටර් 100 දක්වා වේගවත් වීමට මෙයාට තප්පර 3.5 ගත වෙනවා .ඒ වගේම මෙයාගෙ උපරිම වේගය පැයට කිලෝමීටර් 320 වෙනවා. *0-100km/h = 3.5 Sec *Top Speed = 320km/h ඉන්ධන :- සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයට කිලෝමීටර 7 - 8 අතර.

02. V-10+ එන්ජිම සහිත 2018 Audi R8 RWS .....

එන්ජිම :- ලීටර 5.2 ද්විත්ව injection සහිත V-10 එන්ජිම අශ්වබල 610 නිපදවනවා. වේග 7ක S tonic,ද්විත්ව ක්ලච් සහිත ගියර් පද්ධතියක් සමග Four By Four/ All Wheel Drive ආශ්වාදය ලබා දෙනවා... වේගය ;- 0 සිට පැයට කිලෝමීටර් 100 දක්වා වේගවත් වීමට මෙයාට තප්පර 3.2 ගත වෙනවා .ඒ වගේම මෙයාගෙ උපරිම වේගය පැයට කිලෝමීටර් 329 වෙනවා. *0-100km/h = 3.2 Sec *Top Speed = 329km/h ඉන්ධන :- සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයට කිලෝමීටර 7 - 8 අතර. මිල ගනන් :- 2018 Audi R8 RWS රථයේ නිශ්පාදන සමාගමේ යෝජිත මිළ ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හැට හයදසක් ($ 166,000) වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට (26,000,000/= ) ආසන්නයි. මේක ලංකාවට එද්දී කීයද කියලා මම දන්නෙත් නෑ............

එහෙනම් යාලුවනේ ලිපිය හොදයිනම් Like, Comment, Shere කරන්නත් අමතක කරන්න එපා…….

කලින් ලිපි මෙතැනින් බලන්න.. 


No comments:

Post a Comment