SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

වාහනයකට එහා ගිය ආදරණීය බැදීමක අවසානය Mitsubishi Lancer Evolution 2015


ලෝකෙ පුරා විසිර විසිරිලා තියන හැඩකාර දඟකාර විසේකාර නවීනතම මෝටර් රථ ගැන හොයමින් යන චාරිකාවේදී හමු වුන දුක්බර කතාවක් සමඟ එන දැවැන්තයෙකුගේ සමුගැනීම Mitsubishi Lancer Evolution මාදිලිය ගැනයි අද අපි කතා කරන්නේ.

  Sport කාර් දිහා බලන්න, අතගාන්න, නැගලා බලන්න, පුළුවන් නම් Drive කරලා බලන්න අපි හැමෝම ආසයි .ලංකාව වගේ රටක ජීවත් වන අපිට එම අත්දැකීම ලබාගන්න පුළුවන් ලගම කෙනා තමයි මේ Mitsubishi Lancer Evolution කියන්නෙ. මොකද අනෙක් සියලුම sport මාදිලියේ රථ හොයාගන්න අමාරුයි වගේම, මිල ගනන් වලින් ගොඩක් වැඩියි.

 කොහොම උනත් මිට්සුබිෂි සමාගම 2015 ඉඳලා Mitsubishi Lancer Evolution මාදිලිය නිෂ්පාදනය කරන එක නවත්තලා තියෙනවා හැබැයි ඉතින් 2018 මේ වනතුරුත් Lancer Evolution වගේ ස්පොර්ට් කාර් එකක් එළිදක්වන්න මිට්සුබිෂි සමාගමට හැකි වෙලා නෑ

Mitsubishi Lancer Evolution 2015...

අද අපි ඔයාලට අරගෙන එන්නෙ එන්නෙ Lancer Evolution කාණ්ඩයේ අවසන් සාමාජිකයා ඒ කියන්නේ Mitsubishi Lancer Evolution 2015 රථය ගැන .පහසුවෙන් හැසිරවිය හැකි, විශාල බලයක් සහිත, තේජවත් හැඩරුවකට හිමිකම් කියන අපූරු කාර් එකක් තමයි මේ Mitsubishi Lancer Evolution 2015 කියන්නේ .
මෙය ඉදිරිපස එන්ජිම සහිත දොර 4 හතර, පස් දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි කෝවිල් රථයක් වීම තවත් විශේෂයක් . සාමාන්‍ය Mitsubishi Lancer රථය සහ Mitsubishi Lancer Evolution රථය අතර පිටින් ලොකු වෙනසක් නොමැති වීම මෙයාගෙ පුංචිම පුංචි අඩුපාඩුවක්.


    එන්ජිම :- 2.0 ක turbo Inter cooler වෑල්ව 16 ඇලුමිනියම් හිසක් සහිත Mitsubishi Lancer Evolution 2015 රථය වේග පහක මැනුවල් ගියර පද්ධතියකින් පාලනය වෙනවා ඒ වගේම මෙයින් අශ්ව බල 300 බලයක් නිපදවන්න හැකියාව ලැබෙනවා.

වේගය :-  0 සිට පැයට කිලෝමීටර් 100 ( 0- 100 kmph) දක්වා වේගවත් වීමට මෙයාට වැයවෙන්නෙ තත්පර 4.4 ක් විතරයි . ඒවගේම මෙයාගෙ උපරිම වේගය පැයට කිලෝමීටර් 233 ක්. 0-100kmph = 4.4 Second / 0-160 kmph = 11.9 Sec / Top Speed = 233 kmph.

ඉන්ධන :- අද අපි කතා කරන Mitsubishi Lancer Evolution 2015 රථය සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය මට්ටම ලීටරයට කිලෝමීටර් 7-10 අතර වනවා .

මිල ගනන් :- Mitsubishi Lancer Evolution 2015 රථයේ නිශ්පාදන සමාගමේ යෝජිත මිළ ඇමෙරිකානු ඩොලර් තිස් පන්දහසක් ($ 35,000) වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් පනස් හතර ලක්ෂ හැත්තෑ දෙදහකට(5,472,000/= ) ආසන්නයි.හැබැයි ඉතින් මේක ලංකාවට එද්දී එද්දී සම්පූර්ණ එකතුව රුපියල් ලක්ෂ 100 කට ආසන්න වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ

  එහෙනම් යාලුවනේ ලිපිය හොදයිනම් Like, Comment, Shere කරන්නත් අමතක කරන්න එපා…….


No comments:

Post a Comment