SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

මිලියන150 වටින ලංකාවෙ තියන වටිනාකමින් වැඩිම කාර් එක “Rolls-Royce Ghost”

සැපපහසුවේ විශිෂ්ටත්වය, අලංකාරයේ අද්විතීයත්වය , නිහඩ බවේ සැහැල්ලුව , ආරක්ෂාවේ උපරිමය හා කඩිසරකම ශක්තිය කරගත් Rolls-Royce Ghost Series II….


අද අපි ඔයාලා ලගට අරගෙන එන්නෙ ලංකාවෙ තියෙන ලොකුම කාර් එක ගැන. අපේ මේ පුංචි රටේ තියන වටිනාකමින් වැඩිම මෝටරථය මොකක්ද කියල ඇහුවොත් දෙන්න තියෙන හොදම පිලිතුර තමයි අද අපි කථා කරන මේ “Rolls-Royce Ghost Series II”
දැනට ලංකාවෙ මෙයාලා තුන්දෙනෙක් ඉන්නවා. මෙයාලාගෙ හිමිකරුවො ලංකාවෙ ඉන්න ගොඩාක්ම ප්‍රසිද්ද දක්ෂ ව්‍යාපාරිකයන්. (නම් හෙලිකිරීම සුදුසු නෑ කියලා හිතුවා)
Rolls-Royce කියන නම අපි හැමෝටම හුගක් අහල පුරුදුයි. ඒත් නිතරම දැකලනම් පුරුදු නැතිව ඇති. මොකද මේ වර්ගයේ වාහන ලංකාවටම තියෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක් නිසා.

මොකක්ද මේ Rolls-Royce…..?????????
Rolls-Royce කියන්නෙ රාජකීය එංගලන්තයේ ප්‍රවෘඩත්වය , අද්විතීය බව , සෞන්දර්යය හා කලාත්මක බව ලෝකයට කියන අපූරු නිර්මාණයක්.
නිහඩ බව, නිහඩ බව තුල සැගවිලා තියෙන අලංකාරය , සැපපහසුව , ආරක්ෂාවේ උපරිමයත් එක්කම මනස සැහැල්ලුවෙන පෙනුම මෙයාලගෙ තියන ප්‍රධානම විශේෂත්වයක්.
සුවිශේෂීම කාරනය තමයි Rolls-Royce සමගමේ තියන සෑම මෝටරථයක්ම නිපද වෙන්නේ 100% මිනිස් දෑතින් වීමයි. ඒ කියන්නෙ කිසිම ආකාරයේ රොබෝ තාක්ෂණයක් මේ සදහා යොදා ගන්නෙ නැහැ.ඒක තමයි Rolls-Royce රථ වල තියෙන කලාත්මක භාවයට හා මිළ අධික වීමට ප්‍රධානම හේතුව.
ඇත්තටම මේක දිහා බලන් ඉද්දි ඇගට / හිතට දැනෙනේ මාරම වෙනසක්. සාමාන්‍ය කාර් එකක් ගැන කියපුවම හිතට දැනෙන සිතිවිලි නෙවෙයි
Rolls-Royce කාර් එකක් ගැන කියද්දි දැනෙන්නෙ. ඒක වෙනමම ලෝකයක් වගේ. (අර රොසෙල් ටයිල් ඇඩ් එකක් දාන්නෙ පට්ට Theme song එකක් එක්ක “අද්විතීය අලංකාරය ” blaa blaa blaa කියලා !එතකොට නිකං නින්ද යනව වගේ සීන් එකක් වෙන්නෙ …..! අන්න ඒ වගේ.) ෂා ………!
Rolls-Royce Ghost Series II….
“Ghost” කියන්නෙ “භූතයා “ එහෙමත් නැතිනම් “හොල්මන”. ඇත්තටම ඒ නම මෙයාට ගැලපෙනම නම කීවොත් හරියටම හරි. මොකද ශාන්ත පෙනුමක් එක්ක සද්ද බද්ද මොකුත් නැතිව පාරෙ ගියාට මෙයාට අසීමිත බලයක් තියනවා.
Rolls-Royce Ghost Series 2 එක සාමාන්‍ය Rolls-Royce මෝටරථ විදියටම තරමක් කොටු හැඩයක් ගන්නවා. ඒ වගේම ඉදිරිපස shell එක ටිකක් උසින් වැඩි නිසා මෙයාගෙ ගාම්භීර ගතිය තවත් වැඩිවෙලා තියෙනව.
ඉදිරිපස Head Light නිර්මාණය කරලා තියෙන්නෙත් ඒ ගතිය තවත් වැඩිවෙන විදිහට. කලින් මම කීවා වගේම දැක්ක ගමන් මෙයාගෙ සැප හිතාගන්න පුලුවම්.
Rolls-Royce Ghost Series 2 දොර හතරක මෝටර් රථයක්. ඉස්සරහ දොර දෙක සාමාන්‍ය විදිහටම ඉදිරියට විවෘර්ථ උනත් පිටුපස දොර දෙක පිටුපසටම විවෘර්ථ වෙන්නයි නිර්මාණය කරලා තියෙන්නෙ.

ඇතුලත පෙනුම :-
සැපපහසුවෙත් සැපපහසුව අත්විදින්න පුලුවම් මෝටරථයක් විදිහටයි Rolls-Royce සමාගම Ghost Series II හදුන්වන්නෙ. මෙයාගෙ ඇතුලත පෙනුම සම්පූර්ණයෙන් නිර්මාණය කරලා තියෙන්නේ ලෙදර් සහ (දැව) ලී යොදාගෙනයි.
නමුත් විශේෂිතම දේ වෙන්නෙ මේකට යොදාගන්න දැව නිර්මාණ (Wood Craft)නිර්මාණය කරන්නෙ එංගලන්තයේ ගුඩ්-වුඩ් (Good-Wood) කියන ගමේ ශිල්පීන් විතරක්ම වීම. එක් මෝටරථයක් සදහා ශිල්පීන් 60 දෙනෙකු යොදාගන්න අතර 
ඒ සදහා එයාලට පැය 450 වැය වෙනවා කියලයි සදහන් වෙන්නෙ. තවත් දෙයක් තමයි Rolls-Royce Ghost Series II මෝටරථයක් ඇනවුම් කරන ඕනිම කෙනෙකුට පුලුවම් තමන්ගෙ ගෙවත්තෙ තියන ගහක් උනත් එයාලට දීල තමන්ගෙ කාර් එකට අවශ්‍ය දැව නිර්මාණ කරගන්න. මාරයි නෙ……..? දැම්මම ගස් කපන්න පටන් ගන්න එපා……. මිළ ගනන් ටිකත් බලලම ඉන්න…….
ලීටර 6.6 ක V-12 ද්විත්ව Turbo(Twin-Turbo)/අශ්වබල 563 ( 9,571 cc)එන්ජින් එකක් තියෙන Rolls-Royce Ghost Series II ඇත්තටම යකෙක්. මෙයාගෙ තියෙන තවත් සුවිශේෂීම අංගයක් තමයි ගියර් 08 ක ඔටෝ ගියර් පද්ධතිය.
මේක නිකම්ම නිකම් ගියර් BOX එකක්නම් නෙවෙයි. මේක නවීන චන්ද්‍රිකා තාක්ෂණය සමග සම්බන්ද කරලයි තියෙන්නෙ. මාර්ගයේ ඉදිරියෙන් ඇති තත්වය GPS මගින් හදුනාගෙන එයට අනුකූලව ගියර් වෙනස් කරගනිමින් වේගය පාලනය කරගන්න මෙයාට පුලුවම්. වෑව් නේ………….!
වේගය – කොහොම හරි කියපු කතන්දර ඔක්කම අස්සෙ මෙයාගෙ වේගය ගැනත් කියන්නම ඕනිනෙ. 0 – 100 kmph දක්වා වේගවත් වෙන්න මෙයාට යන්නෙ තත්පර 4.7 කටත් අඩු කාලයක්. ඒ වගේම මෙයාගෙ උපරිම වේගය 247.83 kmph.
ඉන්ධන – ගැලුම් 21.8ක ඉන්ධන ටැංකියක් (ලීටර් 82.5) තියෙන Rolls-Royce Ghost Series II සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 3 ත් 5 ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.
මිල ගනන් – අපි කථා කරන Rolls-Royce Ghost Series II රථයේ MSRP එක (Manufacturer’s Suggested Retail Price) එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල ඇමරිකානු ඩොලර් 308,300 වෙනවා. ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් (48,000,000) විතර වෙනවා. කලින් කීවා වගේම ලංකාවෙදි මේකේ මිළ කෝටි 15 වඩා වැඩී කියලයි දැනගන්න ලැබුනෙ.එහෙම බලද්දි කලින් ලිපියෙ අපි කථා කරපු “Ford Mustang Shelby GT350R” කෙල්ලො 5/6 ක් ගන්න ගාන යනව මෙ භූතයව ගන්න. කෙල්ලද…??? යකාද…???
…එහෙනම් Friends අදට එපමනයි…

මේ මෝටර් රථය ගැනත් අපි සුපිරි වීඩියෝ එකක් හැදුවා. ඉතින් ඒකත් පහලින් බලන්න කියලා ආරාධනා කරනවා. 

ඒ වගේම SL Cars අපේ Youtube Channel එක subscribe කරන්න මෙතනින්....


Like our Facebook Page :- slcarinfo.com

කතෘ ගෙන්………
“ලොකු පොඩි භේදයක් නැතුව අපි හැමෝම ආස කරන , ආදරය කරන දෙයක් තමයි වාහන කියන්නෙ.(විශේෂයෙන්ම කාර්) ලස්සන කාර් එකක් පාරෙ යනකොට ඒක දිහා ආපහු හැරලා බලන්නෙ අද නැතිඋනත් “දවසක මාත් ගන්නවා” කියන අපේ හිතේ කොනක හරි තියෙන පුංචි ආශාවක් නිසා.
ඒ විදිහට හැංගිලා තියෙන වාහන හීන ගැන කියවලා , දැකලා , ඉගෙනගන්න ආස කරන හැමෝම වෙනුවෙන් ලංකාවෙ / ලෝකෙ වටේ තියෙන සුපිරිම කාර් වල විස්තර සිංහලෙන්ම ඔයාලගෙ ලගටම අරගෙන එන්නයි “Slcarinfo.com” අපේ සූදානම.“
ඉතින්…, ඔයාලා මේ ලිපිය ආසාවෙන් කියෙවුවනම්, නොදන්න දේවල් දැනගත්තනම් තවත් ඔයාලා වගේම වාහන වලට ආසා කරන පිස්සොන්ට/පිස්සියන්ට බලන්න Like/Share කරන්නත් මේ ගැන ඔයාලාගෙ අදහස් අපිට comment කරන්නත් අමතක කරන්න එපා…
කලින් ලිපියෙ අපි කථා කලේ “අයිතිකාරයෙක් නැතිව පාරේ තනිඋන කෝටි 3 වටින Ford Mustang Shelby කෙල්ල” ගැන. ඊලග ලිපියෙන් ඔයාලා ලගට අරගෙන එන්නෙ කාටත් හොරෙන් ඊයෙ පෙරෙදා ගෙන්නපු, ලංකාවටම තුනක් වෙච්චි, ලෝකෙම දන්න “Mercedes-Benz G-class” එක ගැන…
(අදට නිමි…!)

No comments:

Post a Comment