SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

කාටත් හොරෙන් ලංකාවට ආපු කෝටි 06 ක සිහින කුමාරයා “Mercedes-Benz_G-Wagon”

Mercedes-Benz කියන්නෙ මුලු ලෝකෙම දන්න සුඛෝපභෝගී වාහන නිශ්පාදන සමාගමක්. Benz කියපු ගමන් දන්නවනෙ ඉතින් කොහොමද කියලා……..

1926 ජර්මනියෙ Daimler-Benz පටන්ගත්ත මේ සමාගම අති සුඛෝපභෝගී මෝටරථ වලට අමතරව Sports cars, Bus සහ Lorry රථ නිශ්පාදනය කරනවා.
අද අපි ඔයාලා ලගට අරගෙන එන්නෙ Mercedes-Benz සමාගමේ තියෙන වටිනාකමින් වැඩිම, SUV මාදිලියේ රථය “Mercedes-Benz G-Wagon” ගැන.
ආරක්ෂක රථයක් කියපු ගමන් ඔයාලට මතක් වෙන්නෙ මොනවගේ රූපයක්ද? ලංකාවෙනම් ඉතින් අපි කවුරුත් ආස කරන Defender කොල්ලා තමයි නේ…? (Defender ගැන ලිපිය ඉක්මනින්ම ලියන්නම්)
ලංකාවෙ එහෙම උනත් සෑම යුරෝපීය රටකම වගේ මේ වෙනකොට ආරක්ෂක රථ විදිහට භාවිතා වෙන්නෙ Mercedes-Benz G-Wagon තමයි. G-Wagon එකත් Defender වගේම යක්ෂ පෙනුමක් එක්ක ඉපදුන කෙනෙක්.
හැබැයි ඉතින් අකමැත්තෙන් උනත් කියන්න වෙන්නෙ Defender එකටනම් මේකත් එක්ක හැරෙන්නවත් හම්බවෙන්නෙ නෑ…. කියලා තමයි. මොකද මේක ගොඩාක් සේෆ්ටි වගේම මාරම සැප….. ( Defender එකේ සේෆ්ටිය ගැන මම කියන්න ඕනි නෑ… කස්ටිය දන්නවනේ…)
අනික ලංකාවෙ අපිට මෙයාව එච්චරම හුරු නැති උනාට ලෝකෙ පුරා ඉන්න සියලුම Benz ලෝලීන්ගේ සිහින තරුව Mercedes-Benz G-Wagon කීවොත් හරියටම හරි.
කවුරු කොහොම කීවත් ලංකාවෙ මිනිස්සුන්ට සල්ලි නෑ කියලා, මම නම් හිතන්නේ එකෙ අනික් පැත්ත. මොකද ලෝකෙ තියන වටිනාකමින් වැඩි ගොඩාක් දේවල් දැනටමත් අපේ රටේ තියනවා. (අර බදු කියන ජාතිය තව ටිකක් අඩු උනානම් මීටත් වඩා ගොඩාක් දේවල් තියෙයි)
කලින් ලිපියෙ අපි කථා කරපු Rolls-Royce Ghost Series 2 එකත් අද අපි කථා කරන Mercedes-Benz G-Wagon රථයත් ඒකට හොදම උදාහරණ.(තව ඒවා ගොඩාක් තියෙනවා. අපිත් එක්ක දිගටම ඉන්නකෝ. )
කලින් කීවත් වගේ අද අපි ඔයාලා ලගට අරගෙන එන්නෙ Mercedes-Benz සමාගමේ තියෙන වටිනාකමින් වැඩිම SUV මාදිලියේ “Mercedes-Benz_G-Wagon” රථය ගැන. (ඔය නිල් පාටට ඉන්නෙ මම හොදේ…)
Mercedes-Benz සමාගමේ තියෙන වටිනාකමින් වැඩිම SUV මාදිලියේ රථ හතරක් දැනටමත් ලංකාවෙ තියෙනවා. පහුගිය මාසෙක කාටත් හොරෙන් ලංකාවට ආපු සුපිරිම මෝටරථ කිහිපයෙන් තුනක්ම “Mercedes-Benz_G-Wagon”.
හොරෙන්ම කියලා කීවට මේ තුනම ගෙනාවේ ලංකාවෙ Benz භලයලත් අලෙවි නියෝජිත ආයතනය හරහා. ඉතිරි එක නම් ගොඩ කාලෙක ඉදල අපේ රටේ පළමු සාමාජිකයන්ගෙ බේබිලා ලග තමයි තියෙන්නෙ.(දැනටත් එහෙමයි KI-XXXX).
හොදම දේ තමයි ලගදි ආපු තුන්දෙනාම මේ වෙනකොටත් අලෙවි වෙලා ඉවරයි. මිළගනන් අන්තිමට කියන්නම්කෝ…….
මේ දවස්වල අපි ගොඩාක් කැමති , ලෝකෙම ප්‍රසිද්ධ ජනාධිපති වරයා ඉන්නවානේ….. ඔව්… ඔව්… රුසියානු ජනාධිපති පුටින් මහතා තමයි. එතුමාගේ ප්‍රධාන ආරක්ෂක රථ දෙකත් මේ Mercedes-Benz_G-Wagon තමයි. ඒත් චුට්ටක් විතර වෙනස්.( චුට්ටක් කීවට චුට්ටක්මත් නෙවේ)
ඒවා Mercedes-AMG G63/G65 4MATIC මාදිලියේ .(Mercedes-AMG G63 / G65 4MATIC ගැන ලිපිය ඉක්මනටම අරගෙන එන්නම්කො…) ඇත්තටම ඉතින් මේක පාවිච්චි කරන්න පුලුවම් ඒ වගේ ඩෑල් වලටම තමයි.

මුලු ලෝකයම ආදරය කරන මේ Mercedes-Benz_G-Wagon රථ මාදිලිය අවුරුදු 40 ක් පරනයි. හරියටම කීවොත් මේක හදන්න පටන්ගෙන තියෙන්නෙ 1979 අවුරුද්දෙ. Benz සමාගම G-Wagon රථය හදුන්වන්නේ ලෝකයේ වඩාත්ම පැරනි, කීර්තිමත්ම හා සාර්ථකම නිශ්පාදනය විදිහට.
විශාල මිළක් තියෙද්දිත් අවුරුදු 40 පුරාවට වසරින් වසර අලෙවිය වැඩිවෙන එකත් මාරයි නේද?
එන්ජිම :- ලීටර 4.0 ක V-8 ද්විත්ව Turbo(Twin-Turbo)/අශ්වබල 416 ( දළ අශයෙන් 7,000 cc)එන්ජින් එකක් තියෙන Mercedes-Benz_G-Wagon එකේ තියෙන තවත් අංගයක් තමයි මේක All Wheel Drive.( 4 by 4)
ඉන්ධන – ගැලුම් 25.4ක ඉන්ධන ටැංකියක් (ලීටර් 96) තියෙන Mercedes-Benz G-Wagon සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය ලීටරයකට කිලෝමීටර් 5 -6ත් අතර කියලයි දැනගන්න ලැබෙන්නෙ.
මිළ ගනන් – අපි කථා කරන Mercedes-Benz G-Wagon රථයේ MSRP එක (Manufacturer’s Suggested Retail Price) එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල ඇමරිකානු ඩොලර් 124,595 වෙනවා.
ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් කෝටි දෙකක්  (Rs 20,000,000/=)විතර වෙනවා. සුපුරුදු ලෙසටම ලංකාවෙදි මේකේ මිළ කෝටි හය හමාරක් (Rs 65,000,000/=) වෙනව කියලයි දැනගන්න ලැබෙන්නෙ.
…එහෙනම් Friends අදට එපමනයි…
Photo බලන්න අපේ  FaceBook Page එකට set වෙන්න….. 
කතෘ ගෙන්………
“ලොකු පොඩි භේදයක් නැතුව අපි හැමෝම ආස කරන , ආදරය කරන දෙයක් තමයි වාහන කියන්නෙ.(විශේෂයෙන්ම කාර්) ලස්සන කාර් එකක් පාරෙ යනකොට ඒක දිහා ආපහු හැරලා බලන්නෙ අද නැතිඋනත් “දවසක මාත් ගන්නවා” කියන අපේ හිතේ කොනක හරි තියෙන පුංචි ආශාවක් නිසා.
ඒ විදිහට හැංගිලා තියෙන වාහන හීන ගැන කියවලා , දැකලා , ඉගෙනගන්න ආස කරන හැමෝම වෙනුවෙන් ලංකාවෙ / ලෝකෙ වටේ තියෙන සුපිරිම කාර් වල විස්තර සිංහලෙන්ම ඔයාලගෙ ලගටම අරගෙන එන්නයි “Slcarinfo.com” අපේ සූදානම.“
ඉතින්…, ඔයාලා මේ ලිපිය ආසාවෙන් කියෙවුවනම්, නොදන්න දේවල් දැනගත්තනම් තවත් ඔයාලා වගේම වාහන වලට ආසා කරන පිස්සොන්ට/පිස්සියන්ට බලන්න Like/Share කරන්නත් මේ ගැන ඔයාලාගෙ අදහස් අපිට comment කරන්නත් අමතක කරන්න එපා…
කලින් ලිපි….
01. අයිතිකාරයෙක් නැතිව පාරේ තනිඋන කෝටි 3 වටින Ford Mustang Shelby කෙල්ල
02. සැපපහසුවේ විශිෂ්ටත්වය, අලංකාරයේ අද්විතීයත්වය , නිහඩ බවේ සැහැල්ලුව , ආරක්ෂාවේ උපරිමය හා කඩිසරකම ශක්තිය කරගත්  Rolls-Royce Ghost Series 2

No comments:

Post a Comment