SLcars - Sinhala Car Blog

කාර් පිස්සන්ගේ නවාතැන

ads
Responsive Ads Here

කවුරුත් ආස කරන මිලියන 30 ක Ford Mustang Shelby GT350R

2014 මැයි පලවෙනිදා කම්කරු දිනය දවසෙ කාත් කවුරුත් නැතිව කොළඔ නාරාහේන්පිට පාරක් මැද්දෙ
ඉස්සරහෙනුයි පස්සෙනුයි ලොකු නයි දෙන්නෙකුගෙ රුප අලවාගෙන අතරමං වෙලා වගේ හිටිය ලංකාවෙ කා අතරත් ගොඩක්ම ජනප්‍රියවුනු Ford Mustang Shelby කෙල්ල ගැනයි මේ කථාව……………
Ford කියන්නෙ මුලු ලෝකයම හොල්ලගෙන ඉන්න ඇමරිකානු වාහන නිශ්පාදන සමාගමක්. (ලෝකයම හොල්ලගෙන හිටියත් ලංකාවෙ නම් එහෙම නෑ. අපි එහෙමයි.) මොනා උනත් Ford කියපුගමන්ම ඔලුවට එන්නෙ Mastang (මස්ටෑන්ග්) කියන නම.
මොකද Ford Mustang කියන්නෙ එක පාරින් ඕනෙම කෙනෙක්ව වශී කරගන්න පුලුවම් LOOK එකක් තියන සුපිරිම කාර් එකක්. මතක් වෙනකොටත් ම්……….!Ford සමාගම අද තැනක ඉන්නවනම් ඒ Mustang/Ranger හා Ford GT නිසා කියලයි මගේ අදහස. (Ford Ranger/Ford GT ගැන ලිපි ඉක්මනින්ම අරගෙන එන්නම්.)
කොහොමින් කොහොමහරි අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ Ford Mustang පවුලේ අලුත්ම සාමාජිකයා
2018 Ford Mustang Shelby GT350R” කෙල්ල ගැනයි.
දැක්කගමන් හිත නවතින Sexy ඇස් දෙකක්  , ගානට ඉස්සිච්ච පස්සක්, ආසම විදිහේ body ශේප් එකක් එක්ක ආදරේ හිතෙන බැල්මක් දාගෙන පැයට කිලෝමීටර් 250 විතර වේගයෙන් දුවන Shelby කෙල්ල ඇත්තටම පට්ට ලස්සනයි. පිටින් එහෙම උනත් චුට්ටක් විතර ආශ්‍රයකරලා නැගලා බලද්දී තමයි වැඩේ තේරෙන්නේ. ඔන්න බලන්නකො……….

# ලීටර් 5.2 ක TI-VCT V8 එන්ජින් එක,
# අශ්ව බල 526 සහ RPM 8250 (මිනිත්තුවකට වට 8250),
# ගියර් 08 ක මැනුවල් ගියර් පද්ධතිය 
# Magnetic සස්පෙන්ෂන් සිස්ටම්,
# Custom, Cross-Drilled බ්‍රේක් සිස්ටම්,
# අගල් 19 කාබන් ෆයිබර් ඇලෝවීල්,
………………… තව තව දේවල් ගොඩා……………යි.

සිංහලෙන්ම කීවොත් මෙතුවක් කාලෙකට Ford සමාගම විසින් නිපදවු බලසම්පන්න අතින් ඉහලම V8 එන්ජින් එක වගේම
ඉහලම තාක්ෂණයෙන් යුතු අති නවීන සස්පෙන්ෂන් පද්දතියක් මෙයත් එක්ක ඉන්නවා. ඒ කියන්නෙ Ford සමාගම සතු වැඩකෑලි වලින් 90% ම
2018 Ford Mustang Shelby GT350R වෙනුවෙන් යොදාගෙන තියෙනවා.
(මීට වඩා ගොඩාක් බලසම්පන්න Ford Mustang Shelby Super Snake GT500R /Ford GT
ගැන ලිපි ඉක්මනින්ම අරගෙන එන්නම්.)
පාරෙ දුවන්න පුලුවම්, වේගයෙන් හා බලසම්පන්න අතින් ඉහලම කාර් කිහිපය අතරට Mustang කියන නම එකතුවෙන්නෙ අන්න ඒ නිසාමයි.

වේගය:- ගැලුම් 16ක ඉන්ධන ටැංකියක් (ලීටර් 60) තියෙන Shelby GT350R එකට 0 ඉදලා පැයට කිලෝමීටර් 100 ක වේගයක් ලබාගන්න (0 -100kmph)යන්නෙ තත්පර 4.3 විතරයි.
පැයට කිලෝමීටර් 200 ක වේගයක් ලබාගන්න යන්නෙ තත්පර 12 යි (0 -200kmph). ඒ වගේම පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් යනකොට නවතින්න ඕනි උනොත් ඒකට මෙයාට මීටර් 45 හොදටම ඇති.
ඉන්ධන:- සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය,
Town එකේ නම් ලීටර් 01ට කිලෝමීටර් 3.5. (1 L = 3.5Km)
Highway එකේ නම් ලීටර් 01ට කිලෝමීටර් 05. (1 L = 05Km) කොළඹ ඉදන් නුවර ගිහින් එන්න රුපියල් 10,000 විතර පෙට්‍රල් ගහන්න වෙනව.
මිල ගනන් :- අපි කථා කරන 2018 Ford Mustang Shelby GT350R රථයේ MSRP එක (Manufacturer’s Suggested Retail Price)
එහෙමත් නැත්නම් නිශ්පාදන සමාගමේ යෝජිත මිල ඇමරිකානු ඩොලර් 64,645 ($ 64,645) ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් කෝටියක් විතර වෙනවා. මේක ඇත්තටම ලංකාවට ගේනවනම් තව පුංචි ගානක් මේකට එකතුවෙනවා. එහෙම උනොත් මේක ලංකාව ඇතුලෙ මිල රුපියල් කෝටි 2.5 ත් 03 අතර ගානක් වෙයි. වැඩිය නෑ………..
කාර් නේ…………. ලංකාවනේ…….. මමනම් මොකුත්ම කියන්නෙ නෑ………මයි.
කොහොම උනත් 2018 Ford Mustang Shelby GT350R එක ලංකාවෙ තියන වැඩිම වටිනාකමින් යුතු වාහනයක්නම් නෙවෙයි. මෙයාට වඩා වටිනාකමින් ගොඩාක් වැඩි වාහන ඕනිතරම් අපේ රටේ තියනවා.
උදාහරණයක් කීවොත් Mustang Shelby GT350R කාර් රථ 5 /6 ක මිල වෙන අවතාර තුනක් දැනටමත් අපේ අහල පහලම ඉන්නවා. (ලංකාවෙ තියෙන වටිනාකමින් වැඩිම  කාර් එක Rolls Royce Ghost මෙතැනින් කියවන්න.)
…එහෙනම් Friends අදට එපමනයි…

2018 Ford Mustang Shelby GT350R හි Review එක පහතින් Youtube හරහා බලන්නත් අමතක කරන්න එපා හොදේ…

No comments:

Post a Comment